වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි ඇගයූ සුමති රාත්‍රිය

ටෙලි ඇගයූ සුමති රාත්‍රිය

අප්පච්චිට වැඩිම සම්මාන

දහනව වැනි සුමති සම්මාන උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ. මෙහිදී ජනප්‍රිය ටෙලි නාට්‍යය ලෙස සඳුන් රාජකරුණාගේ ආදර දෑසක් කිරුළු පැලැඳි අතර විශ්ව කොඩිකාර සහ රුවංගි රත්නායක ජනප්‍රිය නළු නිළි යුවළ විය.

හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍යය – අප්පච්චි

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය – ටින් පැටව් - මොහාන්ජි රංගනාථ

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක - ආනන්ද අබේනායක – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය නළුවා - ජැක්සන් ඇන්තනී – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය නිළිය – පබෝදා සංදීපනී - බොරලු පාර

හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා - ජගත් මනුවර්ණ - බොරලු පාර

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - නෙතලි නානායක්කාර – ඉහිරුණු කිරි

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ - ධම්මික රත්නායක – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ - කසුන් කල්හාර – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ – තුසිත අත්තනායක – අප්පච්චි

හොඳම රූපවාහිනී වෙස් ගැන්වීම – වසන්ත විට්ටච්චි - බොර දිය කඳුර

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග - අග්නි

හොඳම ටෙලි නාට්‍ය තිර රචනය – නාමල් ජයසිංහ – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය ගායනය – අමරසිරි පීරිස් සහ ධනෝධ්‍යා අයෝනි යාපා - ඉරබටු තරුවට (සල්මල් ලන්ද)

හොඳම ටෙලි නාට්‍ය නවක නළුවා - සරත් කරුණාරත්න – අග්නි

හොඳම ටෙලි නාට්‍ය නවක නිළිය – බිම්සරා ප්‍රේමරත්න – අප්පච්චි

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය – යූ. බී. රත්නායක - සල්මල් ලන්දේ ඉර බටු තරුවට ගීතය

හොඳම රූපවාහිනී නිවේදක – 1. මධුෂාන් සිල්වා 2. චතුර අල්විස් 3. මධුනිකා කරපුටුගල

හොඳම රූපවාහිනී පූරක – වජිර ජයවර්ධන

හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන – පටීනා කෙලස් - රන්ජීවනී බැද්දේවිතාන

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන - පොඩි හාමුදුරුවෝ - අතුල රන්සිරිලාල්

හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන – අරුම පුදුම රෝද හතර – නාමල් සූරියබණ්ඩාර, චන්දන සෙනවිරත්න

හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය - ස්වර්ණවාහිනිය

හොඳම ගවේෂණාත්මක රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය - දෙරණ

හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන – රිවිදින අරුණැල්ල - සිරිමලී අලහකෝන්

හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන – තුන් හෙළයේ මංගල්‍යය – මහේෂ් නිශ්ශංක

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන – පින්සැරි සාංචි – පී. යූ. ඩී. පෙරේරා

හොඳම රූපාවාහිනී ක්‍රීඩා වැඩසටහන – ගම්මැද්දේ කෙළි සෙල්ලම් - සද්ධා මංගල සූරිය බණ්ඩාර, ප්‍රියන්ත මද්දුමගේ

හොඳම කාන්තා වැඩසටහන – ලියක මහිම – කුමාරි මානෙල්

රූපවාහිනී නාලිකාවක් මඟින් නිර්මාණය කළ සුවිශේෂී වැඩසටහන – රණවිරු රියල් ස්ටාර්

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන - සංහිඳ – ඩන්ස්ටන් ද සිල්වා වැඩසටහන – උදය කුමාර තෙන්නකෝන් ,සංචලන – චංචලා බුලත්වත්ත ,රන්මුතු අරණේ සුපිපි රන් පියුම – ජයනාත් ගුණවර්ධන

විශේෂ ඇගයීම් සම්මාන - ඉඳුනිල් දිසානායක, උද්දික ප්‍රේමරත්න, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, විල්මන් සිරිමාන්න, අශෝක සෙනරත්මුදලි, බුද්ධික ජයරත්න, නිශාන්ත ජයවික්‍රම ආරච්චි