ජේක් ගෙලන්හෝල් බිලී හෝප් නිසා වෙනස් වෙයි
ජේක් ගෙලන්හෝල්
බිලී හෝප් නිසා වෙනස් වෙයි
මේ කාලයේ කෙනෙකුට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ කියලයි හැමෝම කියන්නේ.
හැබැයි තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් වෙනවාට නම් කවුරුවත් කැමැති නැතුව ඇති. ඒ වුනත්
කැමැත්තෙක් සිරුරේ හැඩය වෙනස් කර ගන්න කෙනෙක් දැන් හොලිවුඩයේ ප්‍රසිද්ධයි. ඔහු ජේක්
ගෙලන්හෝල්. මේ දිනවල තම සිරුරේ මාංශ පේෂීන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මහන්සි
වෙනවාලු. ඔහු බොක්සිං ක්‍රීඩකයෙකුගේ චරිතය නිරූපණය කරන්න තමයි මේ විදියට තම මාංශ
පේෂීන් වර්ධනය කරගැනීමට වෙහෙසෙන්නේ.
Southpaw නම් චිත්‍රපටයේ බිලී හෝප් නම් බොක්සිං ක්‍රීඩකයාගේ චරිතයට ජේක් පණ පොවන්න
නියමිතයි. එහිදී ක්‍රීඩාවෙන්ම බිඳ වැටුණු තම ජීවිතය ක්‍රීඩාවෙන්ම ජය ගන්න ඔහු
වෙහෙසෙනවා. මේ දිනවල බිලි නම් චරිතය ජේක් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙකු බවට
පත්කරලා. ඒ වෙනුවෙන් ඔහු මේවන විට සිරුරේ බරෙන් කිලෝ ග්‍රෑම් හතක් අඩුකර ගෙන
තියෙනවා. ඔහු මේ අයුරින් තම සිරුර වෙනස් කරගන්නා ප්‍රථම අවස්ථාව නොවෙයි. මේ දිනවල
තිරගත වෙන Nightcrawler චිත්‍රපටයේ ලුවිස් බ්ලෝම් නම් චරිතයද ඔහු සම්පූර්ණයෙන්
වෙනස් පුද්ගලයෙකු බවට පත්කර තිබෙනවා. එහිදී කැමරා ශිල්පියෙකුගේ චරිතය නිරූපණය කරන
ඔහු ඒ වෙනුවෙන් තම සිරුරේ බර විශාල ප්‍රමාණයක් අඩු කරගත්තා.
|