ගායිකා දමයන්ති ජයසූරිය
මම නම් දැන් කාලය ගත කරන්නේ හරිම සතුටින්. දැන් මම දරු සුරතල් බලමින් ඉන්නේ. මගේ පුතාගේ නිවුන් දරුවන් දෙදෙනා සමඟින් ගත කරන කාලය ගොඩක් සුන්දරයි.
ඒ සමඟින් මගේ නුවන් පුතාගේ පුංචි කාලය මතකයට නැඟෙනවා. මේ සතියට මගේ උපන් දිනය යෙදෙන නිසා විශේෂ වෙනවා වගේම උපන් දිනය ඊටත් වඩා විශේෂ වෙන්නේ පුතා මට දුන්නු මේ වටිනාම තෑග්ග නිසයි.