වීනා මලික්ට 26 වසරක සිර දඬුවමක්?
වීනා මලික්ට
26 වසරක
සිර දඬුවමක්?
වීනා මලික්ට නඩු වැටීම සිනමාපටයක රඟපෑමට අවස්ථාවක් ලැබීමටත් වඩා සාමාන්‍ය දෙයකි.
එහෙත් ඇයට විසිහය වසරක සිර දඬුවමක් නියම වීම නම් සැබෑවටම අවනඩුවකි. මේ අවනඩුව ඇයට
පැවරී ඇත්තේ බොලිවුඩ් පුරවරයෙන් නම් නොවෙයි. පකිස්ථානයෙනි.
විසිහය වසරක සිර දඬුවමක් ඇයට නියම කරන ලෙස ඉල්ලා සිටින්නේ වුතු ජගෝ පකිස්ථාන වැඩ
සටහන නිසයි. මැයි 14 වැනි දින වීනා මලික් සහ අසාද් බෂීර් ඛාන්ගේ විවාහ උත්සවය පුංචි
තිරයෙන් විකාශය කර තිබේ. එහි සුෆි පකිස්ථානු සංගීතඥයන් වීනා හා අසාද් නර්තනයෙහි
යෙදෙන විට මහම්මද්තුමාගේ දියණිය ගැන ගුණ ගායනයක් කර ඇත. මේ ගැන ආගමික
අන්තවාදීන්ගෙන් චෝදනා එල්ල වී ඇති අතර, ජිඕ රූපවාහිනී චැනලය ඒ ගැන ප්‍රසිද්ධියේ
සමාව ඉල්ලා තිබේ.
පුංචි තිරයෙන් පවසනවාට අමතරව ඉංග්‍රීසි සහ උර්දු පුවත්පත්වල ද
ප්‍රසිද්ධියේ සිදු වූ වරද ගැන සමාව ඉල්ලා සිටියේය. එහෙත් මහම්මද්තුමාගේ පවුලට කළ
අපහාසයට ගැලවීමක් නැති පාටය. ගිල්ජිත් – බල්තිස්ථාන් ත්‍රස්ත විරෝධී උසාවියෙන් ඇයට
විසි හය වසරක සිර දඬුවමක් නියම කර ඇත. ඒ ජිඕ රූපවාහිනී චැනලයේ ප්‍රධානීන් ද විසිහය
වසරක සිර දඬුවමකට කොටු කරමිනි.
|