|
|||
තෙන්දුල්කාර් චරිතය සිනමාවට
සානියා මිර්සා තාරකාවක බවට පත්වූයේ ටෙනිස් ක්‍රීඩාවෙනි. ඇය සිනමාවේ තරුවක් ලෙස
ජීවමාන කිරීමට සිනමාකරුවන් තීරණය කර අවසානය. මුලදී මේ ගැන සානියා එතරම් මනා බොලිවුඩ් තිරයේ ජීවමාන වීමට තවත් බොහෝ ක්‍රීඩා තරු නාම පෙළ ගැසී ඇත. 1983 දී ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය රැගෙන ආ කපිල් දේව්ගේ චරිතය ද, තිර චරිතයක් වීමට නියමිතය. රන්දීප් හෝඩා කපිල් දේව්ගේ චරිතය රඟපෑමට තෝරා ගෙන ඇත. සිනමාපටයේ නිර්මාතෘ ද හිටපු කඩුලු රකින්නකු වූ සංජේ පුරාන් සිං චෞවාන් වීම ද දෛවෝපගත සිද්ධියකි.
යුවරාජ් සිං ‘ටෙස්ට් ඔෆ් මයි ලයිෆ්’ නමින් ජීවන චරිතය අළලා ලියන කෘතිය සිනමාවට
නැඟීමට පූර්ණ අවසරය ලබා දී අවසානය. ක්‍රීඩා ජය පරාජයන්, පිළිකාවෙන් ලැබූ ජය ඇතුළත්
සංවේදී සිනමා සිත්තමක් පේ‍්‍රක්ෂකයන් වෙත තිළිණ කිරීමට බලා සිටින්නේ නළු අභිෂේක්
බච්චන්ය. මේ අතර නළු සුෂාන්ත් සිං රාජ්පුට් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නා එක්තා කපූර් අධ්‍යක්ෂවරියගේ අවධානය යොමු වී තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් චරිතය පිළිබඳවලු. ඔහුගේ ක්‍රිකට් දිවිය මෙන්ම පෙම් සබඳතා ද රසවත්ය. ජය පරාජයන්ගෙන්, මිතුරුකම්, ද්‍රෝහිකම්වලින් පිරි, මතභේදයට තුඩුදුන් ජීවන අන්දරයකට හිමිකම් කියන සෞරව් ගන්ගුලි ද සිනමාවේ ජීවමාන වන්නට නියමිත චරිතයකි. ‘ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා’ සචින් තෙන්දුල්කාර් ගමන් කළේ රෝස මල් පෙති ඇසිරූ මාවතක වුවත්, ඔහුගේ කථාව සිනමාවට නැඟුණු පසු ආදායම් වාර්තා පිහිටු වන බව නම් නොඅනුමානය. අසමසම ක්‍රිකට් ක්‍රීඩක මන්සුර් පතාවුදි ඛාන්ගේ බිරිය ෂර්මිලා තාගෝර් බොලිවුඩයේ සුරූපී තාරකාවකි. පුතු සායිෆ් අලි ඛාන් ද සිනමාවට දායාද වී අවසානය. ඒ අනුව මන්සූර් අලි ඛාන් පතාවුදි චරිතය සිනමාවට බොහෝ දුරට නැඟීමට ඉඩ ඇති චරිතයකි. උප නායක විරාත් කෝලි නම සිනමාව හා සබැඳෙන්නේ අනුෂ්කා ෂර්මා තාරකාව නිසාය. යාෂ් රාජ් සිනමා නිර්මාණයක් ලෙස මේ දෙදෙනාගේ රංගනයන් ඇතුළත් සිනමාපටයක් ඉදිරියේදී බිහිවීමට බොහෝ දුරට ඉඩ ඇත.
|
|||