|
FeedBack
ප්‍රතිචාර කෙටි පණිවුඩ මඟින් නම් 0752805047
අංකයට එවන්න. තැපැල් හෝ සටහන් පත් මඟින් නම් ඒවා
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනයට යොමු කරන්න. මෙහි සටහන් වන අදහස් පුවත්පතෙහි නොව අප හිතාදර පාඨකයින්
විසින් අපට එවූ ඒවා බව ද සඳහන් කරමු. ජෝති රාත්‍රිය නැවත ප්‍රචාරය කරන්නජෝති රාත්‍රිය වැඩ සටහන ප්‍රචාරය නොවීම ගැන ඇති දුක මෙතෙකැයි කියා නිම කළ නොහැක. ලක්හඬ ගුවන් විදුලියේ සභාපතිතුමනි, කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මියනි, විශේෂයෙන් එය මෙහෙය වූ මේකලා වසුන්දර සොයුරියනි, අප සියලු දෙනා ඉල්ලා සිටින්නේ ජෝති රාත්‍රිය නැවත ප්‍රචාරය කරන ලෙසටයි. කේ. කේ. චමින්ද කුමාර ඉහළගම දෙණියාය
අර්නස්ට් වඩුගේටයුගයෙන් යුගයට අවශ්‍ය වන කාලීන සහ වෙනත් තොරතුරු ඇතුළත් කොට විවිධ කලාකාමී සහ විචිත්‍ර පුවත්පත් එළිදක්වමින් ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කරන ලේඛකයකු ලෙස අර්නස්ට් වඩුගේ ගේ නාමය කලා ලෝකයේ මේ වන විටත් රන් අකුරින් සටහන්ව ඇත. ඔහුට තවත් දිගු කාලයක් අප හා රැඳී සිටිමින් නිර්මාණකරණයේ යෙදීමට හැකියාව ලැබේවා. මිල්ටන් ප්‍රනාන්දු මූදුකටුව
ආදර කසුරිඔහු විසින් ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන වදන අසත්‍යයක් බව ඔප්පු කරලීය. පළමුව ගුරුවරයකු වී අනතුරුව පුවත්පත් කලාවට යොමුව පසුව වේදිකා නාට්‍ය රචනා කොට නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. ඉරිදා දිවයින පත්‍රයේ තීරු ලිපි මාලාව තුළින් රසික පාඨක හදවත් ඔපවත් කරමින් කසුරි යන ආදරණීය නම සදාතනික කරලීය. ඉන් නොනැවතී සිළුමිණ පුවත්පතේ කර්තෘ ධුරය ද එහි උපදේශක කර්තෘ වෙමින් ද කසුරිගේ කොලම ගෙන ආවේය. මේ සියල්ලටම වඩා පුන්කලස ශාස්ත්‍රීය අතිරේකය මිල කළ නොහැකිය. මෙවන් වූ හිත හොඳ මිනිසෙකු දැයට අහිමි වනුයේ අවාසනාවටය. ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත වත්තල
තීර්ථතරණය හරහා මාධනී කාගේත් අවධානයටඑකිනෙකට වෙනස්ම අදහස් දරණ තරුණ දියණියන් තිදෙනෙකුත්, වටහා ගත නොහැකි දෙබිඩි චරිතයකින් යුතු ඒකාධිපති විශ්‍රාමික ගුරුවරයකුගේත් අතර දෝලනය වෙමින් දැඩි මානසික අසහනයට පත්වන ඉවසීම ප්‍රගණ කළ ගෘහණියකගේ චරිතය තීර්ථතරණය ටෙලි සිතුවම තුළින් පණ පොවණ මාධනී මල්වත්තගේ යළිත් කාගෙත් අවධානය යොමු වන චරිතයක් හරහා දක්නට ලැබීම ඇත්තටම සතුටකි. සුසිලා පතිරාජ උස්වැටකෙයියාව
තිර රචනය ඇතුළු අංශ ගණනාවකින් දස්කම් පෑ වරෙක රංගනයෙන් අප මවිත කළ ටෝනි රණසිංහයන් තවත් වතාවක් සම්මානනීය වෙනවාට අප කැමැතියි. නිමල් කුලසේකර අඟුලාන
කාගෙත් සිත් ගත් අදිසි දහයමේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන අදිසි දහය ටෙලි කතා මාලාව කාගේත් සිත් ගෙන තිබේ. එමඟින් විශ්වාසයත් අවිශ්වාසයත් අතර සිදු වන නොපෙනෙන ලෝකයක තතු කැමරාව හරහා ප්‍රේක්ෂකයාට සමීප කරවයි. මෙලෙස ප්‍රේක්ෂක මනස වෙනත් දිශාවකට යොමු කරවීමට සමත් වූ අද්විතීය නිර්මාණ දුර්ලභය. හර්ෂ විරාජ් ගෝනවිල
ගුණදාස සූරීන්ට ශක්තිය ලැබේවාදෙරණ ගුවන් විදුලියේ ඉරිදා දිනවල ප්‍රචාරය වන කාලීන විරිදු සුරල්වලින් ආදර්ශවත් කතා ගොඩ නඟන එම්. ජී. ගුණදාස සූරීන්ට එම වැඩ සටහන දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. නන්දා ලියනගේ මහවැව
පුරුදු නිවේදකයින් යළිත් ඕනෑභූමියට සමාන නමකින් ඇති එක්තරා රූපවාහිනී නාළිකාවක විකාශය වන පුංචි තරු තේරීම් වැඩ සටහනක් මම නැරැඹුවෙමි. මෙතරම් දක්ෂතාවලින් පරිපූර්ණ දරුවන් අපට සිටිනවාද කියා මට පුදුම සිතිණ. එය ඉදිරිපත් කළ නිවේදකයා සහ නිවේදිකාව ඉතා හොඳින් එම වැඩ සටහන මෙහෙය විය. නමුත් මෑතක සිට කඩාපාත් වූ අයෙක් පොඩි ළමුන් අල්ලන්නටත්, මිරිකන්නටත් පටන් ගෙන ඇත. එය බලා සිටීමට පිළිකුල් සහගතය. ඔහුව ඒ තරග බිමට එපා. පුරුදු නිවේදකයින් දෙපළ පමණක් වැඩ සටහන මෙහෙයවනවා නම් ගොඩක් හොඳයි. සමන් ගමගේ අකුරැස්ස
නදීට අපේ ස්තූතියඅධ්යක්ෂණය, රඟපෑම සහ සංස්කරණය ද කරමින් මහත් කැපවීමකින් ළාසඳ පාමුල නම් වූ හොඳ නිර්මාණයක් ලබා දීම ගැන නදී චන්ද්‍රසේකරට අපේ ස්තුතිය. එමෙන්ම බොල් හරසුන් නිර්මාණ සඳහා දායක නොවීම පිළිබඳ අගය කරමි. ඔබේ ළාසඳ පාමුල ටෙලි සිතුවම සම්භාව්‍ය ගත්කතුවරයා සහ බිරියගේ රුචිකත්වය වයස් පරතරය නිසා ඇතිවන ගැටලු මත ඉදිිරියට ගලා යයි. බුද්ධික ජයරත්න, ඩබ්ලිව්. ජයසිරි සහ චමිල අත්තනායකගේ රංගනනය අගය කරමි. ඩඩ්ලි ගෝමස් මොරටුව
S.M.S
ප්‍රියන්ත සෙනෙවිරත්නට සීරියස් චරිත හරි යන්නේ නැහැ. ඔහුව අප දකින්නට ආස විකට චරිතවලින් විතරයි. සුරංග අලුත්ගම
ජූඩ් රොගෑන්ස්ගේ ආදර මගේ තාත්තේ ගීතය කලකට පසු අප සිත්වලට අමතන අපූරු පිය ගුණ ගීතයකි. මෙවන් ගීත විඳීමට ලැබීම අප ලද වාසනාවකි. හර්ෂනාථ බණ්ඩාර නිකවැරටිය
චතුර අල්විස්ව මා දකින්නේ මාධ්‍ය ලෝකයේ ලොක්කෙක් හැටියට. ඇත්ත කතා කරන, බය නොවී කොන්ද කෙළින් තියාගෙන ඔහු උදෑසන පත්තර පුවත් අපට ගෙන එන අන්දම ඉතාම අගය කළ යුතුය. චතු රත්නපුර ලංකාවේ මා ප්‍රියතම නිළිය මංජුලා කුමාරියි. ඇගේ දීප්තිමත් ඇස් දෙක පුංචි තිරයට මනා ආභරණයකි. දිල් යටියන
දෙරණ ටී. වී තුළින් සිකුරාදා රාත්‍රියේ විකාශය වන සරිගම සාජ්ජය ඉතාමත් සුන්දරය, හරවත්ය. එමඟින් අමරණීය පැරැණි ගීත රස විඳීමට හැකිය. එය මෙහෙය වන ලෝචනා ඉමාෂිගේ ඉදිරිපත් කිරීම් සිත් ගන්නා සුළුය. සරිගම සාජ්ජය අතරමඟ නොනවත්වා දිගටම විකාශය කරන්න. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
මෑතකදී ජනප්‍රිය වූ ඉංග්‍රීසි අකුරු දෙකකින් පටන් ගන්නා ස්ටාර් ගායකයකුටයි මෙසේ කියන්නේ. ඔහු දැන් හරිම වෙනස්. එයාට අමතකයි එයා ජනප්‍රිය වුණේ අපි හින්දා කියලා. තරගබිමේදී ඔහු හරිම නිහතමානියි. ඒත් දැන් ඒ නිහතමානීකම ඔහුගේ සිතේ අහලකවත් නැහැ. අනේ අපොයි මෙහෙම තරු. මධුශිකා සඳරුවනි කඩුවෙල
වී නාළිකාවල පෙන්වන විදෙස් සිනමාපට සීමා කරන්න. සුනිල් කන්දෙගෙදර රත්මලවින්න
අපේ රටේ ජනප්‍රියම මෙන්ම ජ්‍යෙෂ්ඨතම ගායිකාවක වන විවියන් ද සිල්වා බොරලැස්සට තව තවත් දීර්ඝායු වේවා. ආයුබෝ වේවා. ලක්මාලි අලව්ව
සම්මාන උළෙලවලදී නිහතමානීම තරුවත් තෝරමු. එතකොට ඇතැම් ආඩම්බරකාර කලාකරුවෝ මූනිච්චාවටවත් නිහතමානීව ඉඳීවි සම්මාන ගන්න ඕන නිසා. ෆාතිමා වැලිගම
සිරස නාළිකාවේ විකාශය වන මේ ආදරයයි ටෙලි නාට්‍යයට මම ගොඩක් ආසයි. එහි රුහීට තමයි මම වැඩිපුරම ආස. ලක්මාලි රන්මුතුගල
විශිෂ්ට ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායකයා ලෙස පිදුම් ලැබීම අප රටටත් ඔබ උපන් ගම වන කැලණියටත් ඉගෙන ගත් පාසල වන කැලණිය ධර්මාලෝක විදුහලටත් මහත් වූ ආඩම්බරයකි. මේ ඒ වෙනුවෙන් ඔබ ගමේ රසිකයන් වෙතින් පුදන උපහාරයකි. නිටා මාසලින් ඇතුළු සැම කැලණිය
රිතු ටෙලි සිතුවමේ තේමා ගීතය වන පිච්ච පොකුරු මල් පීදෙන ගීතය හරිම ලස්සනයි. සේනානායක වේරලියද්ද, මහේෂ් රත්සර ලියූ එම ගීතයට කදිමට හඬ යොදා ඇත. ශානි හසාරා මීපවෙල පෝද්දල
කල්පාන්තේ සිහිනයක් චිත්‍රපටය කාලෙකින් පසුව මා නරඹපු සාර්ථකම වාණිජ චිත්‍රපටයකි. එහි අධ්යක්ෂ චන්න පෙරේරා තම වගකීම හොඳින් ඉටු කර තිබේ. ඉසුරු හැඳල
තන්හා රති රඟා චිත්‍රපටයෙන් සාමාන්‍ය ජනයාගේ සැබෑ ජීවිත කතාව තාත්ත්විකව පෙන්නුම් කරනවා. නිරෝෂ් සම්පත්
දොළහ ශ්‍රේණිය
ආදර දෑසක් අමිල අබේසේකර නිසා හරිම අලංකාරයි. එහි කොටස් ගණන වැඩි කරන මෙන් ඉල්ලා සිටිමි. සරත් මද්දුමආරච්චි සමන්තිකා මද්දුමආරච්චි වෑත්තෑව |