රිතිෂ්- ජෙනේලියාට මාපිය පදවි
රිතිෂ්- ජෙනේලියාට
මාපිය පදවි
රිතිෂ් දේශ්මුක් සහ ජෙනේලියා ඩි සූසා තරු යුවළගේ මංගල්‍යයට දසතින් සුබපැතුම් ගලාගෙන
ආවේ ඔවුන් යසට කැපෙන යුවළක් වූ නිසයි. වසර 2012 විසිපස් හැවිරිදි වියේ පසුවෙද්දී ඇය
නළු රිතිෂ් දේශ්මුක්ගේ අත ගත්තාය. 2014 වසරේ නොවැම්බර් 25 වැනිදා මේ කුරුලු කූඩුවට
කුරුලු පැටවකු එක්වුණි. රිතිෂ් සහ ජෙනේලියාට මාපිය පදවි ලබාදී ඇත්තේ පුත් කුමරුවකි.
රිතිෂ් ඉහවහා ගිය සතුටින් පුතකු උපන් බව ට්විටර් වෙබ් අඩවියට දන්වා තිබුණේ මෙසේය.
‘It’s a BBBOOOOYYYYY!!!!’
ජෙනේලියා රෝහල් ගත කෙරුණු මොහොතේ සිට රිතිෂ් රංගනයෙන් මඳ විරාමයක් ලබා ඇත. නැවත ඔහු
රූගත කිරීම්වලට සහභාගි වන්නේ දෙසතියකිනි. රිතිෂ් - ජෙනේලියා පෙම් පුවත ඇරැඹුණේ 2003
වසරේදීය.
චම්පිකා දීපානි රණසිංහ
|