|
|
සුජීව දිසානායක නම් සොඳුරු මාධ්‍යවේදියා යළිත් පැමිණේද පත් ඉරු අතරට...?
සුජීව භානු දිසානායක යන නම පුවත්පත් කලාවට ආගන්තුක නාමයක් නොවේ. අනික මාධ්‍යවේදියකු
වශයෙන් ඔහු කළ සේවාව මිල කළ නොහැකිය. සුජීව ගැන වැඩි අයිතියක් අපට ඇතැයි නොබියව
පවසමු. ඒ ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වශයෙන් ඔහු දිගු කලක් සේවය
කළ බැවිනි. නිදහස් ඡායාරූප ශිල්පියකු ලෙස තම වෘත්තීය දිවිය ඇ සුජීව පසුකාලීනව නවයුගය, ලක් ජනතා ආදී පුවත්පත්වල ද කර්තෘවරයා විය. දශක තුනහමාරකට ආසන්න ලේඛන කලා ජීවිතයේදී ඔහු විසින් රචනා කොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 51 කි. කෙසේ නමුත් සුජීව අද වන විට අප අතරින් නික්ම ගොසිනි. මිය යන විට පනස් පස් හැවිරිදි වියේ පසු වූ හෙතෙම දෙදරු පියෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල කනත්තේදී සිදු විය. ‘මම අද අපේ රටේ ප්‍රධානම පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ නියෝජ්‍ය කර්තෘ හැටියට වැඩ බාර ගැනීමට ඒ දැවැන්ත ගොඩනැගිල්ලේ පඩි පෙළ නඟිමි. මෙය මා කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ නිසා මා මහත් ආඩම්බරයෙන් ඒ පඩි පෙළ නඟිමි. කෙදිනක හෝ ඒ පඩි පෙළ ආපසු බැස යන්නේ ඊටත් වඩා ලොකු ආඩම්බරයෙනි.’ මේ ලේක්හවුසියට සුජීව පැමිණි දින ඔහුගේ දින පොතෙහි තැබූ සටහනය. ඔහු මේ වන විට ලේක්හවුසියේ පමණක් නොව ජීවිතයේ පිය ගැටපෙළින් ද බැස ගොසිනි. ඒ විශිෂ්ට මාධ්‍යවේදියාණන් වූ අප සහෘදයාට නිවන් සුව පතනවා හැර වෙන කුමක් කියම්ද?
|



ත්ත පත්තරෙන් අරඹන ඔහු
1996 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයට බැඳෙන්නේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස
තනතුරු ලබමිනි. ඉන් නොනැවතී තම දස්කම් විදහාලන ඔහු එහි සම කර්තෘ ලෙස ද පත්වී නොබෝ
කලකින් සිළුමිණහි මුල් පුටුවට ද පත් වන්නේය. එහිදී ඔහු නව විශේෂාංග කිහිපයක්ම
අරඹන්නේය. පුවත්පත අලෙවිය ඉහළ දැමීමට මහත් වූ ආලෝකයක් ඔහුගේ එම ලිපි තුළින් ලැබුණු
බවට අවිවාදිතය. සුජීව ග්‍රන්ථකරණයෙහි ද දස්කම් පෑ අතර කොටා පාරෙන් බේරේ ගෙදරට
යනුවෙන් ඔහුගේ ජීවන අත්දැකීම් උපයෝගි කර ගනිමින් රචනා කළ ග්‍රන්ථය ඉතාමත්
ජනප්‍රියභාවයට පත් විය.