වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මිනී මැරුමකින් ගැළවෙන හැටි

මිනී මැරුමකින් ගැළවෙන හැටි

ඒබීසි නාළිකාවේ මේ දිනවල විකාශය කෙරෙන How to Get Away Murder  (මිනී මැරුමකින් ගැලවෙන්නේ කෙසේද ?) ජනප්‍රියම කතා මාලාව බවට පත් වෙලා. සැප්තැම්බර් 25 වැනිදා සිට විකාශය ආරම්භ කළ මෙම කතා මාලාව රාත්‍රි 10.00 කාල පරාසය තුළ විකාශිත අනෙකුත් සියලුම කතා අබිබවා සිටින බවයි ආරංචි.

IMDB රේටිනග්ස් 10න් 8.3ක් ලබා ගැනීමට මෙම අපරාධ කතා මාලාවට හැකි වී තිබෙනවා. නීති විද්‍යාලයක සිසුන් පිරිසක් සහ අපරාධවල විත්තිය වෙනුවෙන් පෙනී සිටින මොළකාර නීතිඥවරියක වටා ගෙතුණු කතා පුවතක් මෙහි ඇතුළත්. වියෝලා ඩේවිස්, ජුලි බ්‍රවුන්, ඇල්ෆ්‍රඩ් එනොක් ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා. කොටස් කිහිපයකින් අවසන් කිරීමට මුලදී නිෂ්පාදක කණ්ඩායමය තීරණය කර තිබුණත් දැන් එය තවත් ඉදිරියට නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි.