වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




යාළු මාළු ළමා දිනය දා

යාළු මාළු ළමා දිනය දා

ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ මගේ යාළු මාළු ළමා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ. ඒ සඳහා කොළඹ තෝරා ගත් පාසැල් කිහිපයකින් දරු දැරියන් හයසියයක් පමණ සහභාගි විය.

තායිලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ රූප ගත කළ මගේ යාළු මාළු දරුවන් සහ සොබා ධර්මය අතර ඇති ළබැඳියාව මනාව විදහාපාන චිත්‍රපටයකි. ළඟදීම තිරගතවීමට නියමිත මෙහි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය ඔස්සේ නැරැඹිය හැකිය.