වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්තිගෙන් තනු බැංකුවක්

කීර්තිගෙන් තනු බැංකුවක්

දිවයින පුරා විසිරී සිටින ආධුනික මෙන්ම ප්‍රවීණ ගී තනු නිර්මාණකරුවන්ගේ ස්වතන්ත්‍ර නැවුම් ගී නිර්මාණ එකතු කිරීමේ වැඩ පිළිවෙලක් කීර්ති පැස්කුවල් විසින් ආරම්භ කොට ඇත. මෙලඩි බෑන්ක් යනුවෙන් හඳුන්වා දෙන මෙහි මූලික අරමුණ සැඟවුණු නිර්මාණකරුවන් ජනතාව අතරට යැවීමයි.

මෙහිදී එම ගීත ජනප්‍රිය ගායක ගායිකාවන් ලවා ගායනා කොට එළි දැක්වීම සිදුවේ. විවිධ ශෛලීන්ගෙන් යුතු එවන් නිර්මාණ අංක 18 බී, ශ්‍රී සෝරත මාවත, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයේ ඇති සොනික් ශබ්දාගාරයට ගෙනවිත් දෙන්න යැයි කීර්ති පවසයි. මෙයට සමගාමීව ගී පද රචනා බැංකුවක් ආරම්භ කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ. මෙමගින් චිත්‍රපට, ටෙලි නාට්‍ය, සී ඩී. සහ වෙනත් වැඩසටහන්වලට ලබාදීම කීර්තිගේ අපේක්ෂාවයි.