වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




දැනුම මිනුම

දැනුම මිනුම

* ශ්‍රී ලාංකේය සිනමාවේ පළමු නළුවා - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා. ඔහු රාජකීය වික්‍රමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වුණා.

* ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ කතා රචකයා වනුයේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න යි.

* චලන චිත්‍ර කැමරාව සොයා ගත්තේ – 1880 වසරේ ජූල්ස් එමියන් මරේ විසිනි. එය හඳුන්වන ලද්දේ ෆොටෝ ග්‍රැෆික් ගන් යනුවෙනි.

* ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මුල්වරට සම්මානයක් දිනා ගත් සිනමා කෘතිය වනුයේ සෝලියෝලොකී කෙටි චිත්‍රපටයයි.

* සුප්‍රකට ‘පාදඩයා’ නැමැති චරිතය සිනමාවට තිළිණ කළ නළුවා වනුයේ චාලි චැප්ලින් ය.

* සත්‍යජිත් රායි නිර්මාණය කළ පාතර් පංචාලි චිත්‍රපටය දිනාගත් මුල්ම සම්මානය වනුයේ කාන් සිනමා උළෙලේදි හොඳම මානව වාර්තාවට හිමි සම්මානය යි. එයට අදාල නවකතාව රචනා කරන ලද්දේ විභූති භූෂන් බන්ද්‍යෝපාද්‍ය විසිනි.

* ශ්‍රී ලංකාවේදී පළමුවරට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලද්දේ ප්‍රංශ ජාතික මොරිස් සෙසිට්සර් විසිනි.

* සුප්‍රකට සම්මානනීය සිනමාකරු රෝමන් පොලන්ස්කිගේ ස්වයං චරිතාපදානය හඳුන්වනුයේ රෝමන් බයි පොලන්ස්කි යනුවෙනි.

* ශ්‍රී ලාංකික සිනමා උළෙලකදී මුල්වරට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිත්‍රපටය යි.

* ලෝක සිනමාවේ මුල්ම කාන්තා අධ්‍යක්ෂවරිය වනුයේ ප්‍රංශ ජාතික ඇලිස් ගයි නම් කාන්තාවයි.