වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලතා මිතුරු හවුල අනුශාසක මණ්ඩලයේ ප්‍රථම හමුව 28 දා

ලතා මිතුරු හවුල අනුශාසක මණ්ඩලයේ ප්‍රථම හමුව 28 දා

ගීත කෝකිලා ලතා වල්පොලගේ ඡන්ම දිනය වෙනුවෙන් මීට වසර හතකට ප්‍රථම ආරම්භ කෙරුණු ‘ලතා වල්පොල මිතුරු හවුල’ හි අනුශාසක මණ්ඩලයේ ප්‍රථම රැස්වීම මෙම 28 වැනිදා සවස 3.00 ට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් මොරටුව නගරශාලාවේදී පැවැත්වේ.

පූජ්‍ය ගම්පොළ සුගුණධජ ස්වාමීන් වහන්සේ හා දේවගැති ගරු සුනිල් ප්‍රනාන්දු පියනම පූජ්‍ය අනුශාසකවරුන් වශයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ශි‍්‍රයාණි අමරසේන, ක්ලැරිස් ද සිල්වා, සෝබනී අමරසිංහ, ජනාදරී සල්ගාදු, අයිරින් ලියනගේ, සීතා නානායක්කාර, මල්ලිකා කහවිට, ඉන්ද්‍රාණී සේනාරත්න, චරිතා පි‍්‍රයදර්ශනී පීරිස්, චන්ද්‍රිකා සිරිවර්ධන, ස්ටැන්ලි ඕමාර්, ජයන්ත අරවින්ද, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, ඩබ්ලිව්. ප්‍රේමරත්න, ටියුලින් ජයරත්න, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, ටී. ජී. රංජන් ද සිල්වා, සුදත් සමරසිංහ සහ දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති කේසරලාල් ගුණසේකර, පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත ද සිල්වා, හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේසිංහ යන මහත්ම මහත්මීන් ගිහි අනුශාසකවරු වශයෙන්ද මෙහි කටයුතු කරන අතර ලතා මිතුරු හවුල නිර්මාතෘ තිලංගනී මල්ලිකා මෙන්ඩිස් මහත්මිය මෙහි සභාපතිත්වය දරන්නීය.