වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලේඩි ගාගාගේ අලුත් නවාතැන

ලේඩි ගාගාගේ අලුත් නවාතැන

ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා කැලිෆෝනියාවේ පිහිටි අධි සුඛෝපභෝගි නිවසක් මිලට අරගෙන. දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි සුන්දර වෙරළ තීරය අසල පිහිටි මෙම නිවස ඩොලර් මිලියන 24ක වටිනාකමකටයි ඇය මිලදී ගෙන තියෙන්නේ.

ගාගාගේ අලුත් නිවස පිහිටි ඉඩම අක්කර 6ක භූමි ප්‍රමාණයකින් යුතු අතර එහි අශ්වයන් හය දෙනෙකු ගාල් කළ හැකි අශ්ව ගාලක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, නාන කාමර දොළහක්, බෝතල අටසියයක් ගබඩා කළ හැකි තැබෑරුමක්, තීරු දෙකක බෝව්ලින් පථයක් සහ පිහිනුම් තටාකයක් ඇතුළත්.