වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

ඔබ ණය නම් ඔබ ගෙවන්න

ඇමරිකන් මසල් (AMARICAN MUSCLE)

වසර දහයක් සිරගතව සිටින්නකුට තම සතුරන්ගෙන් පළිගැනීම සඳහා පැය විසි හතරක් ලැබේ. එම පැය විසි හතර තුළ ඔහුට එය කළ හැකි වෙයිද. ඉන්දීය සම්භවයකින් යුත් අමෙරිකානු සිනමා කැමරා ශිල්පියකු, සංස්කරණ ශිල්පියකු සහ අධ්‍යක්ෂවරයකු වන රවි දාර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකන් මසල් කතාව ත්‍රාසජනක කතාවකි.

රොබින් සිඩ්නි, නික් ප්‍රින්සිප්, ජෝර්ජ් විල්බුර්, ටොඩ් හාමර්, ටෙන්ට් හගා සමඟ ජොන් ෆැල්කෝන් රඟන ඇමරිකන් මසල් ක්‍රියාදාම සහ ශෘංගාරාත්මක චිත්‍රපටයකි.

නරක කොල්ලන්ගේ නැවත පැමිණීම

බ්‍රර්මා (BURMA)

මුදල් පසුපස දුවන ඉන්දීය සමාජයේ දාමරිකයන් පිරිසකගේ කතාවක් ඇතුළත් බ්‍රර්මා සටන් පිරුණ ක්‍රියාදාම චිත්‍රපටයකි.

මයිල් තංගදොරේ, රෙශ්මි මෙනන්, සම්පත් රාජ්, මුතුල් කුර්කානි, මධු රගුරාම්, කාර්තික් සබේට් රඟන බ්‍රර්මා කේ. රාජසේකර් සම අධ්‍යක්ෂණයකි.

සුදර්ශන් වෙට්බ්‍රට්ටි නිෂ්පාදනය කළ බ්‍රර්මා ධරන් ෂාරන්ගේ අධ්‍යක්ෂණයකි.

ද ෆෝල්ට් ඉන් අවර් ස්ටාර්ස් (THE FAULT IN OUR STARS)

නිව්යෝක් ටයිම්ස් හි පළ වූ ප්‍රකට ආදර කතාවක් ඇසුරෙන් තැනූ ද ගෝල්ඩ් ඉන් අවර් ස්ටාර්ස් ප්‍රේක්ෂක සිත් සතන් සනසාලන ආදර පුවතකි.

පිළිකා රෝග මර්ධන කණ්ඩායමකදී හසල් සහ ගස් එකිනෙකා හඳුනා ගනියි. ඔවුන්ගේ හමුවීම ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට නව අරුතක් ගෙනදීමට සමත් වෙයි.

ජෝන් ග්‍රීන් විසින් රචනා කරන ලද නවකතාවක් ඇසුරෙන් ද ෆෝල්ට් ඉන් අවර් ස්ටාර්ස් ජෝස් බූනි විසින් අධ්‍යක්ෂණය කර ඇත. විටෙක හාස්‍යයෙන් ද, විටෙක ශෝකයෙන් ද පිරි මේ චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූවකි.

මැඩ්රාස් (MADRAS)

පාපන්දු ක්‍රීඩකයකු වූ කාලි හා ඔහුගේ මිතුරන් පිරිසක් පිළිබඳ තැනුණු මේ චිත්‍රපටය දේශපාලනය, ප්‍රේමය කේන්ද්‍ර කෙට ගත්තකි.

මේ දිනවල ලාංකීය ප්‍රේක්ෂකයන්ට ද නැරඹිය හැකි ජනප්‍රිය ද්‍රවිඩ චිත්‍රපටයක් වන මැඩ්රාස් චිත්‍රපටයේ ඩී. වී. ඩී. පට දැන් ලබා ගත හැක.

කාර්ති කැතරින් ට්‍රෙෂා, ඉච්චාස්, අචි කලෙයිරාසන්, හරික්‍රිෂ්ණන් හැරී සමඟ ආඩි විනෝද් රඟන මැඩ්රාස් පා රන්ජිත්ගේ අධ්‍යක්ෂණයකි.

තරඟය අරඹයි

රේස් ගුර්රාම් (RACE GURRAM)

තෙලිඟු චිත්‍රපට නැරඹීමට කැමති ප්‍රේක්ෂකයාට නැරඹිය හැකි නවතම තෙලිඟු චිත්‍රපටයයි රේස් ගුර්රාම්.

පොලිස් නිලධාරි වග සහෝදරයා සමඟ හැප්පෙන බාල සහෝදරයකු වුව ද තම සහෝදරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අසාධාරණයක් වූ අවස්ථාවකදී එයට අභියෝග කරන නිර්භීත තරුණයකු වටා ගෙතී ඇති රේස් ගුර්රාම් හි තෙලිඟු සිනමාවේ ආකර්ෂණීය නළු මුල්ලු අර්ජුන් සමඟ ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය නිළි සෘති හසන් ප්‍රධාන චරිත රඟපාති. සලෝති අස්වානි, ප්‍රකාශ් රාජ්, පතම් ඇතුළු ජනප්‍රිය තරු රැසක් රඟන රේස් ගුර්රාම් සංගීතය ප්‍රකට සංගීතවේදී එස්. තමාන් ගෙනි.

වෙන්කටේෂ්වර රාඕ නිෂ්පාදනය කළ රේස් ගුරාම් සුරේන්ද්‍රර් රෙඩ්ඩි අධ්‍යක්ෂණයකි.

මිනිසෙකුට සුනඛයකු විය හැකිද

ඊට්ස් එන්ටර්ටේන්මන්ට් (ITS ENTERTANMENT)

සුනඛයකු මිනිසකු ලෙස ජීවත් විය නොහැකි මෙන් මිනිසකුට සුනඛයකු මෙන් ජීවත් විය නොහැක. එහෙත් අකිල් ලෝකන්දේ නම් තරුණයාට සිදු වනුයේ ඒ අත්දැකීමට මුහුණදීමටය. අක්ෂේ කුමාර් මෙහි අකිල් ලෙස චරිත මවයි.

අපූරු විමෝදාත්මක හාස්‍ය චිත්‍රපටයක් වූ එන්ටර්ටේන්මන්ට් මේ දිනවල ශ්‍රී ලංකාවේ ද තිරගත වන චිත්‍රපටයකි.

සජීඩ් හා තර්හාඩ් සම අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදනය රමේශ් එස් ටෝරාස්ගෙනි.

ද ලෙජන්ඩ් ඔෆ් ද සෝ ටූත් කේව්

(THE LEGEND OF THE SAW TOOTH CAVE)

කුඩා ළමුන් නරඹීමට කැමති කාටුන් චිත්‍රපටයකි ද ලෙජන්ඩ් ඔෆ් ද සෝ ටූත් කේව්.

වෘකයන් නැවත පැමිණීම තේමා කර ගත් මෙම කාටුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රිචඩ් රිච් ගෙනි.

ඩී. වී. ඩී. අනුග්‍රහය

නීරෝ සී. ඩී. හවුස්

මල්වත්ත පාර