වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා ශාලා ඩිජිටල්කරණය කඩිනමින්

සිනමා ශාලා ඩිජිටල්කරණය කඩිනමින්

චිත්‍රපට ප්‍රදර්ශනයේ තුන්වැනි යුගයට අවතීර්ණය වෙමින් මෙරට චිත්‍රපට ප්‍රදර්ශක සමාගම් යුගලක් ලහි ලහියේ තම සිනමා ශාලා ඩිජිටල්කරණයේ නියැලෙයි. ඒ ඊ. ඒ. පී. ප්‍රදර්ශක මණ්ඩලය සහ සී. ඊ. එල්. සිනමා මණ්ඩලයයි. ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් සැවෝයි සිනමාහල මෙ වන විටත් 4ම් ත්‍රිමාන සිනමා ශාලාවක් බවට පරිවර්ථනය කොට ඇති අතර ඔවුන්ගේ සිනමා ශාලා දහතුනක් ඉතා නුදුරේදීම ඩිජිටල්කරණය කරනු ඇත. මේ සිනමා ශාලා ත්‍රිමාන චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකි ලෙස සැකසීම විශේෂයකි.

එමෙන්ම මේ සියළුම ශාලා නාලිකා හයකින් යුත් ශබ්ද පහසුකම් ද ඇති කරනු ඇත. සුඛෝපභෝගි ආසන පහසුකම් සැපයීම හරහා නාගරික මෙන්ම ගම්බද ප්‍රේක්ෂකයින්ට ද නවමු අත්දැකීමක් ගෙන ඒම මෙම ක්‍රියාවලියේ අරමුණයි.

මේ වන විටත් සී. ඊ. එල්. මණ්ඩලයට අයත් කොළඹ රීගල්, මැජස්ටික් ශාලා යුගලත්, එම්පයර්,ලිබර්ටි ලයිට්, යාපනයේ මැජස්ටික් ශාලා ත්‍රිත්වය සහ සෙල්වම්, කළුතර ඩොන්ස් ප්ලාසා, කෑගල්ල මිලානෝ යන සිනමාශාලා ඩිජිටල් ශාලා ලෙස පරිවර්තනය කොට ඇත. මෙයට අමතරව එම මණ්ඩලයට අයත් තවත් සිනමා ශාලා රැසක් මේ වසර අවසන්වීමට මත්තෙන් ඩිජිටල්කරණය වනු ඇතැයි සී. ඊ. එල්. සමාගම සරසවියට දන්වා එවා ඇත.

එමෙන්ම මේ සමඟ චිත්‍රපට පිටපත් ඩී. සී. පී. ක්‍රමයට පරිවර්තනය වන බැවින් මෙතෙක් ඒ සඳහා වැයවුණු අති විශල මුදල අඩු වන බැවින් නිෂ්පාදකවරුන්ට වාසියක් බැව් ඊ. ඒ. පී. නිවේදනයේ දැක්වේ.