වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම තාත්තා වෙන්න ලැබුණු පාඩම

හොඳම තාත්තා වෙන්න ලැබුණු පාඩම

බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී පසුගිය අගෝස්තු මාසයේදී සියලුම දෙනා පුදුමයට පත් කළා. ඒ දිගු කාලින ආදරයකින් පසු ඔවුන් දෙපොළ දකුණු ප්‍රංශයේදී විවාහ ගිවිස ගනිමිනි. ඔවුන්ගේ දරුවන් හය දෙනාද සමගින් වූ මෙම විවාහ උත්සවයට සහභාගීවූයේ ළඟම හිතවතුන් කිහිපදෙනෙකු පමණයි.

මේ දිනවල පීට්හට තවත් ප්‍රීතිදායක කාලයක් උදාවෙලා. ඒ ඔහු රංගනයෙන් දායක වූ නවතම සිනමා නිර්මාණය හේතුවෙන්. ඩේවිඩ් ඒයර් අධ්‍යක්ෂණය කළ Fury හි දෙවන ලෝක යුද සමය ගැන කියවෙන කතා පුවතක් ඇතුළත්. එය මේ දිනවල සාර්ථක අයුරින් තිරගත වන අතර බ්‍රැඩ් පීට් එහි සොල්දාදුවෙකුගේ චරිතයකට පණ පොවන්නේය.

පසුගියදා ලන්ඩන් චිත්‍රපට උළෙලේදි විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගන්නටද Fury චිත්‍රපටය සමත් විය. එහිදි පීට් පවසා සිටියේ මෙම චිත්‍රපටය තම ජීවිතයටද බලපෑමක් වූ බවයි. එහි වූ නායකත්වය, තීරණ ගැනීම වැනි ඇතැම් සිදුවීම් තමන්ට හොඳ පියෙකුවීමට මඟ පෙන්වූ බව ඔහු කියා සිටියා. ඒ වගේම තමා දැන් හොඳ පියෙකු බවත් ඔහු සඳහන් කළා.