වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




නදී මුල් වරට අධ්‍යක්ෂණය කළ ළාසඳ පාමුල ජාතික රූපවාහිනියේ

නදී මුල් වරට අධ්‍යක්ෂණය කළ ළාසඳ පාමුල ජාතික රූපවාහිනියේ

නදී චන්ද්‍රසේකර මුල් වරට අධ්‍යක්ෂණය කළ ළාසඳ පාමුල ටෙලි වෘත්තාන්තය මෙම 30 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

සාහිත්‍ය මිනිසාගෙන් ඈත්වීමෙන් සිදු වන්නේ කවර අර්බුදයක්ද? එය තේමා කොට තැනුණු ළාසඳ පාමුල ටෙලි නාට්‍යය නිෂ්පාදනය නදීගේ පියාණන් වන කේ. ඩී. චන්ද්‍රසේකරගේය.

ලූෂන් බුලත්සිංහල, ඩබ්ලිව්. ජයසිරි, හේමසිරි ලියනගේ, දයා ද අල්විස්, මොරින් චාරුණී, බුද්ධික ජයරත්න, පියුමි ශානිකා, රොඩ්නි වර්ණකුල, චමිල අත්තනායක, උදේනි අල්විස්, තරුෂි පෙරේරා, නිනෝ අරලිය ජයකොඩි, නිම්මි ප්‍රියදර්ශනී සමග නදී චන්ද්‍රසේකර රංගනයේ යෙදෙති.

කැමරාව ධම්මික දිසානායක සමඟ සරත් සූරියකුමාර මෙහෙයවා ඇත. පූජිත සන්දාදුරගේ අංග රචනයකි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂවරයාය. ලීල් ආනන්ද ගජනායක මෙහි තිර රචකයාය.