වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ ගමේ සුපර් ස්ටාර් මම තමයි

අපේ ගමේ සුපර් ස්ටාර් මම තමයි

ෆසීනා මන්සූර්

ෆසීනා මන්සූර් කලාවට ළෙංගතු වුණේ කුඩා වියේ පටන්මයි. සංගීතයට විශේෂ ඇල්මක් දැක් වූ ඇයට එය තව තවත් දියුණු කරගන්න උදව් වුණේ ඇයගේ පවුලේ සාමාජිකයන්. විශේෂයෙන් තාත්තා.
 

කඳුලැලි සළන්න දිවියේ

සිතුවේ මා නොවේ

සිතුවා නොවේ

සිතුවා නොවේ . . .

නෙතු මගෙ තෙමන්න කඳුළින්

පැතුවේ නෑ මෙසේ

පැතුවා නොවේ

පැතුවා නොවේ . . .

ගීතය ෆසීනා රචනා කළේ පාසල් වියේදීයි. ලතා මංගේෂ්කාර් ගායනා කරන තෙරෙබිනා සින්ද ගී ගීතයේ තනුවට ෆසීනා රචනා කළ මේ ගීතය අද ඇයගේ හඬින් ඔබට රස විඳින්න පුළුවන්. ඒ ගැන තොරතුරු විමසද්දී ෆසීනා සිය සංගීත දිවියේ ආරම්භය සිහිපත් කළේ මේ අයුරින්.

‘පුංචි කාලයේ පටන්ම මම සංගීතයට විශේෂ වූ ලැදියාවක් දැක් වූවා. මට මුලින්ම සංගීතය පිළිබඳ ගුරුහරුකම් ලබා දුන්නේ මගේ තාත්තා. හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී සාමාන්‍ය පෙළ දක්වා සංගීතය විෂයක් ලෙසින් හැදෑරුවා. සංගීතයට තිබූ දැඩි ආශාවත් මිතුරු මිතුරියන්ගේ උනන්දු කිරීමත් අනුව දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරට සහභාගි වෙලා එහි අවසන් 48 දෙනා දක්වා පැමිණියා. විශාල තරගකරුවන් පිරිසක් අතරින් මේ දක්වා එන්න ලැබීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.

* සංගීතයට ඇති වූ ලැදියාව සමඟ අද ඔබ සිටින තැන ගැන මොද හිතෙන්නේ?

අත්තටම ඒ ගැන නම් ලොකු සතුටක් හිතේ තියනවා. ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අනූ තුන් දහසක් පමණ දෙනා අතරින් හතළිස් අට අතරට එන්න ලැබීම ගැනත් ගොඩක් සතුටුයි. සංගීත කෂේත්‍රයට එන්න පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ ගම වත්තල හුණුපිටිය. ඩ්‍රීම් ස්ටාර් තරඟයට එන්න පෙර සිටම මම එළිමහන් ප්‍රසංගවලට සහභාගි වුණා. අපේ ගම අවට හැමෝම මගේ ගායන හැකියාව හඳුනාගෙන තිබුණා. මුළු ලංකාවම හඳුනා නොගත්තත් අපේ ගමේ සුපර් ස්ටාර් මං තමයි.

* නවකයෙක් විදියට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලය මට ගොඩක් ගුරුහරුකම් ලබා දුන්නා. ඒ පිළිබඳව මම ඔවුන්ට හද පිරි ස්තුතිය පිරිනමනවා. මේ වන විට මම ගීත දෙකක් එළි දක්වලා තියෙන්නේ. ‘කඳුලැලි සලා’, ‘රහසින්’ යන මේ ගීත දෙකම රධභබභඡඥ සහ ටචලඥඥදච ථචදඵධධප නම් මගේ ෆේස්බුක් පිටුවෙන් රස විඳින්න පුළුවන්. ගීත නිර්මාණය කළාට ඒ වෙනුවෙන් රූප රචනයක් කරන්නයි අපහසු. මගේ අලුත් ගීතයට මේ දවස්වල අනුග්‍රාහකයෙක් සොයමිිනුයි සිටින්නේ. මේ දක්වා ගමන සාර්ථක ලෙසින් පැමිණියා. තවමත් මම සංගීතය හදාරනවා. දැනට මම එළි දැක් වූ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝගෙන්ම ඒ සඳහා ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා.

* ෆසීනාගේ පවුලේ තොරතුරුත් කියමු?

අපේ පවුලේ තාත්තයි අම්මයි අයියයි ඉන්නේ.

* සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?

මම දැනටත් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ සමඟින් තමයි සංගීත කටයුතු කරගෙන යන්නේ. එම ආයතනයෙන් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. අලුත් ගීත එළි දක්වමින් සංගීත ක්ෂේත්‍රයේත් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.