වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




තිනෙත විකාශය නොවැම්බරයේ

තිනෙත විකාශය නොවැම්බරයේ

තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව Apstair 07 චන්ද්‍රිකාවට අමතරව Eutelsat70 චන්ද්‍රිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් ආසියාව, මැද පෙරදිග, යුරෝපය සහ අප්‍රිකානු රටවල්වලින් වැඩි ප්‍රමාණයක ප්‍රේක්ෂකයින්ට තිනෙත නැරැඹීමට හැකිය. එමෙන්ම මේ හේතුවෙන් 65 – 80 CM කුඩා Dish මඟින් ද තිනෙත නැරැඹීමට හැකිවීමයි. නොවැම්බර් මස පළමුවැනිදා සිට ආරම්භ කෙරෙන මෙහි දිනකට එක ටෙලි නාට්‍ය බැගින් දින හතේම ටෙලි නාට්‍ය හතක් විකාශයවීමට ද නිචයමිතය.

මේ සඳහා වූ ගිවිසුමකට තිනෙත සභාපති රොහාන් වැලිවිට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හොරෝසෝන් සැට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හිෂාමි හම්සාරි යන මහත්වරුන් අත්සන් තැබිණ. මේ එම අවස්ථාවයි.