වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

වසන්ති පේන්න නැත්තේ ඇයි?

අපේ ජනප්‍රිය නිළියක් වන වසන්ති චතුරානි දැන් පෙනෙන්නට නැත්තේ ඇයි? වසන්ති නැති පුංචි තිරය පාළුයි.

ශාන්ති බන්ධුනාථ

මහනුවර

සුමනාට ඉක්මන් සුවය

සුමනා අමරසිංහට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

ලියනගේ

ආරච්චිකට්ටුව

සිනහවුණු මානෙල්ට

පසුගිය දිනෙක කොළඹ පොදු වෙළෙඳ පොළකදී දැක පුරුදු මුහුණක් දුටුවා. ඇය කවුද කියලා සොයලා බලන්න මම උනන්දු වූවා. නැවත නැවත ඇය දෙස බැලීමේදී මට මතක් වුණා ඒ මානෙල් චන්ද්‍රලතා කියලා.

ඇය මට සුන්දර සිනවකින් සංග්‍රහ කොට සුහදශීලී වුණා. ටෙලියක දෙකක පෙනී සිටි ගමන් තමන් නිළියෝ කියලා හිතාගෙන ඉන්න අපේ අය අතර ඔබ විශිෂ්ටයි. ඒ මා සමඟ සිනාසුන නිසා නොව ඔබේ මනුස්සකම මා දුටුව හින්දයි.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

රූකාන්ත ප්‍රසංග වේදිකාව පාලුවට ගිහින්

රූකාන්ත ගුණතිලක නැවතත් ගයන්න. ඉස්සර වගේ ප්‍රසංග වේදිකාවේ පෙරලි කරන්න. ඔබ නොමැති ප්‍රසංග වේදිකාව පාලුවට ගිහින්.

වරුණ

පේරාදෙණිය

ධම්මිකට ප්‍රණාම

සෑම ඉරු දිනකම සවස 1 – 2 දක්වා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එදා පැරැණි ගීතවල මුල් ගීතය නැවත අසන්නට සලස්වන වැඩ සටහන මෙහෙය වන ධම්මික පී. රත්නායකට අප සැමගේ ප්‍රණාමය.

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

කලුබෝවිල

අමිල එදිරිමාන්නට

ගණන් කළ නොහැකි තරමට නිවේදකයන් පිරිසක් සිටින යුගයක ඔබ සතු හැකියාවන්වලට සම්මාන හිමි වීම වැලැක් විය නොහැකිය. වරෙක හොඳම නිවේදකයා වූ ඔබට තව තවත් සම්මාන හිමි වී මෙරට දක්ෂතම මෙන්ම ජනප්‍රියම නිවේදකයා වේවා.

සමන් ගාල්ලගේ

කැටපල

නෙලූ ගායනය අපූරුයි

ලොක්කි ටෙලි සිතුවමේ තේමා ගීතය නෙලු අධිකාරි විසින් ඉතා අලංකාර ලෙස ගායනා කරනු ලබයි.

නන්දා ලියනගේ

නදීශානි රාජපක්ෂ

මහවැව

රුවන් ගීත කියන්නේ හදවතින්

රුවන් හෙට්ටිආරච්චි ගයන සෑම ගීතයක්ම ඉතාම ජනප්‍රියයි. ඔහු ඒවා හඬ මුසු කර ඇත්තේ හදවතින්ම කියලයි අපට හිතෙන්නේ.

නදී

හලාවත

 

දිමංක වෙල්ලාලගේට

ඔබ පියවරෙන් පියවර තැබූ ගමන් මඟ දුෂ්කර එකක් වුණාට දැන් ඔබේ අනාගතය ඉතාම පැහැදිලිය. ඔබ ගැයූ නිදුකින් ඉනු මැන ගීතයෙන් මුල ලොවම ඔබ දෙසට හැරි ඇත.
දිමංක, ඔබට තවත් දුර යා හැකිය. නොබියව ඉදිරියට යන්න.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනගල

S.M.S.

සිරස ගුවන් විදුලියෙන් ඉරිදා දිනවල ජාතක කතා ඇසුරෙන් නිර්මාණය කළ කවි බණ අපට අසන්නට සැලැස්වීම කාලීන අවශ්‍යතාවයකි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

විජය ඔබ ලක් දෙරණේ

තරුපතියුගයකින් තවත් යුගයකට තම ආත්මීය හඬ මුසු කරමින් ශ්‍රී ලාංකේය රසික ජන හදවතේ සදාතනිකව ජීවත් වන අපේ කාලයට අපිට දැක ගත නොහැකි වූ ඒ රන් රුව විජය කුමාරණතුංග, ඔබ කිසිදා බැස නොවන ලක් දෙරණ තරුපතිය.

චතුරංග සම්පත්

හංවැල්ල

කොතෙක් කිව්වත් මැරුණාම මොන උපහාරද?

කලාකරුවන්ට උපහාර පුදන්නට ඕන මියගිය පසු නොව ජීවත්ව සිටිය යුතු කාලයේය යන්න කොතෙක් වගකිවයුත්තන්ට පැහැදිලි කළ ද සිදු වන්නේ කලාකරුවකු මියගිය පසු උපහාර කිරීමය.

වසන්තිකා

නවගමුව

ජයලලිතා ගැනත් චිත්‍රපටයක් හදමුද?

අපේ ඉතිහාස කතා විනාශ කරපු චිත්‍රපට අධ්‍යක්ෂවරු ඉදිරියේදී ජයලලිතා ගැනත් චිත්‍රපට හදාවි. පුදුමයි ඇය ගැන කතාවක් ලිවීමට කිසිවෙකුටත් මතක් නොවීම.

නිමල් ද අල්විස්

පානදුර

ඉන්දියාවෙත් මරු ලංකාවෙත් මරු

ලංකාව වගේම ඉන්දියාවෙත් කසිකබල් චිත්‍රපට හැදෙනවා. ඒත් එවා ලංකාවට එන්නේ නැහැ. එන්නේ හොඳ චිත්‍රපට ටික පමණයි. ඒවා දැකලා සමහර අය කියනවා ඉන්දියාවේ චිත්‍රපට මරු කියලා. නමුත් බලාගෙන ගියාම ඉන්දියාවත් ලංකාව වගේමයි.

මහින්ද විරසිංහ

කළුඅග්ගල

කාංචනා කියන්න වචන නැහැ

ස්වර්ණවාහිනියේ විකාශය වන ගිරිකුල නාට්‍යයේ මුතු මැණිකෙගේ චරිතය රඟන කාංචනා මෙන්ඩිස්ගේ රංගනය ගැන කියන්න වචන නැහැ.

රවී වසන්ත

මීටියාගොඩ

අකිල රංගනය ඒකාකාරියි

කලකට පසු අකිල සඳකැලුම්ව ලොක්කි ටෙලි සිතුවමෙන් අප දුටුවෙමු. ඔබේ රංගන ශෛලිය ඒකාකාරී බව පෙනෙන්නට ඇත. එය තරමක් දුරට හෝ වෙනස් කර ගත්තොත් ඔබේ ඉදිරි ගමනට රුකුලක් වේවි.

හර්ෂ

ගම්පොළ

හිරු දියඇලි ගැන වැඩසටහනක් කරමුද?

මේ ඉල්ලීම හිරු ටීවී නාලිකාව වෙතටයි. ලංකාවේ තිබෙන දිය ඇලි පිළිබඳව ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කරන්නකෝ.

ඉඳුනිල්

පානකඩුව

ආදරය දැන් කොයිබටද?

ආදර දෑසක් අවසානය හිතාගන්න බැරි ටෙලි නාට්‍යයක්.

රත්න කහඳව

අලව්ව

චන්න ස්වප්නා ගේමුද?

චන්න පෙරේරා අයියේ,

ඔයා සිංහල සිනමාවට ඉන්දීය නිළියන් ගෙනාවා. පූජා උමාශංකර්, ජස්මින් ඊට උදාහරණ. ඒ වගේම දීපිකා සිංහ්වත් (ස්වප්නා) සිංහල සිනමාවට හඳුන්වා දෙන්නකෝ.

නිලුකා

අවිස්සාවේල්ල

සිසිරව මතක් වුණාට තුති

සිසිර සේනාරත්න වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීම ගැන සතුටු වෙමි. ඔහු හෙළ සංගීතයට කළ අනගි මෙහෙවර සලකා බලා කල් ගොසින් හෝ එවන් වූ කර්තව්‍යයකට මුල පිරූ සැමටම තුති පුදමි.

ලලනි රේණුකා වික්‍රමසිංහ

මාවතගම

කුරුණෑගල

ගයන වයන මනෝජ්ට

පේසල මනෝජ් අයියේ ඔයාගේ ගීතත් ලස්සනයි. තබ්ලා වාදනය ද අපූරුයි. ඔයාට අපි ගොඩක් ආදරය කරනවා. තව තවත් අප වෙනුවෙන්ම ගයන්න, වයන්න.

ධම්මික

ජාඇල

නිලුකා

කඳාන

හෙළ සිනමා සක්විතිට

වැලිකතරට නිධානයක් වෙමින් සිංහල සිනාමවේ හිත හොඳ මිනිසෙකු වූ ඔබ ආශා දෑසින් නික්මී සාගරයක් මැද සක්විති සුවය විඳ නොමියන මිනිසෙකු නොවී ඉපදුනේ ඇයි.

සමන් ගාල්ලගේ

කැටපළ

බිඳී යන පවුල් ජීවිතවලට

අප තරුණ වයසේ පසුවන නළු නිළියන්ගේ විවාහ ජීවිත සාර්ථක වේවා යැයි පතනවා. මොකද කොයි වේලාවේත් අපට ලැබෙන්නේ ඔවුන්ගේ පවුල් බිඳී යන ආරංචි නිසා.

සුරන්

කටුගස්තොට

කලාකරුවා ආඩම්බර ඇයි?

අපේ සමහර කලාකරුවෝ ජනප්‍රිය වෙන්න වෙන්න ආඩම්ර වන්නේ ඇයි. එහෙම වුණායින් පසු දුරකතනයටවත් පිළිතුරු දෙන්න එන්නේ නැහැ. මං හිතන්නේ එතකොට රසික රසිකාවන්ට ඒ අයව එපා ඇති.

නීලවාහිනී

කුරුඳුගහ හැතැප්ම

ජොලි සීයා නඩු දැම්මට කමක් නැහැ

ජොලී සීයලා ගොඩක් ඉන්න නිසා ඇත්ත කෙනාව අපට හොයා ගන්න බැහැ. මේ හේතුවෙන් නියම ජොලි සීයා වන චන්දු ද සිල්වා නඩුවක් දැමීම හොඳයි.

ලක්මාලි

වරකපොල

හෙළ සිනමා සක්විතිගේ අඩුව මකන්න ඔහුගේ පුතු දමිත් සිනමාවට එන්න යළිත්.

කසුනි

කලුතර

චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක්

චිත්‍රපට ක්ෂේත්‍රයට නවක අධ්‍යක්ෂවරු පැමිණීමේ හිඟයක් පෙනෙන්නට තියෙනවා. හැමදාම නම ඇහෙන අධ්‍යක්ෂවරුන්ම තමයි සිනමා නිර්මාණ ඉදිරිපත් කරන්නේ.

නිසංසලා

රාජගිරිය

රොෂාන් මම ප්‍රේම ගීතයෙන් මුසපත් වෙලා

සුළඟ වගේ දඟ කරන
එතී එතී ලඟ රැඳෙන
ඔයා වගේ සිත නිව
භාවනාවක් කොහෙද

රොෂාන් ප්‍රනාන්දු ගයන මේ ප්‍රේම ගීතය තමයි මං ඇහැව්ව හොඳම ප්‍රේම ගීතය.

ලලින්දු

කඩවත

ක්ලැරන්ස් විජේවර්ධන අප අතරින් නික්ම ගොස් දශයකටත් වඩා වැඩි කාලයක් ගත වුව ද ඔහුගේ ගී තනුවල මිහිරියාව අදටත් අපි විඳින්නෙමු.

විජය බණ්ඩාර

මොරටුව
 

පැරැණ ගීත විනාශ නොකර ගයන්න

මේ වන විට ප්‍රසංග වේදිකාවේ සංගීත කණ්ඩායම් පැරැණි ගීත යළි ගැයීමේ ප්‍රවණතාවයයක් දක්නට ලැබේ. එය හොඳයි. නමුත් ගීත විනාශ කරන්නේ නැතුව ගයනවා නම් වඩාත් හොඳයි.

පෙරේරා

පොල්ගස්ඕවිට

ප්‍රතිචාර ක්ෂණිකව එවන්න 0752805047 අංකයට. එමෙන්ම www.sarasaviya.lk වෙබ් පිටුවෙම ඔබේ ප්‍රතිචාර වාරණයකින් තොරවම සටහන් කළ හැකිය.

ප්‍රතිචාර සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10

යන ලිපිනය සුපුරුදු පරිදි තැපැල්පත් වෙනුවෙන් විවෘතව පවතියි.