වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




චන්නගේ කල්පාන්තේ සිහිනයක් සිකුරාදා

චන්නගේ කල්පාන්තේ සිහිනයක් සිකුරාදා

අංජලිකා චිත්‍රපටය මඟින් ආදර කතා අතරට නව ආරක් එක් කළ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ද වන චන්න පෙරේරාගේ අලුත්ම ආදර අන්දරය ‘කල්පාන්තේ සිහිනයක්’ මෙම මස 31 වැනිදා සිට රිද්මා සහ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.

මේ චිත්‍රපටය ඔස්සේ චන්න පෙරේරා සිංහල සිනමාවට හඳුන්වා දෙන අලුත්ම නිළිය වන්නේ ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත්ය.

චන්න පෙරේරා හා චයිත්‍රා චන්ද්‍රනාත් ප්‍රධාන චරිතවලට පණ දෙන ‘කල්පාන්තෙ සිහිනයක්’ සිනමාපටයේ අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංග යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වෙයි. මෙහි හඳුන්වා දෙන ළමා නිළිය වන්නේ ගයානා නිර්මන්තිය.

පුෂ්ප කුමාර රාජගුරු හා චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සෂික රුවන්ගේ ශබ්ද පරිපාලනයෙන් ද ‘කල්පාන්තේ සිහිනයක්’ හැඩ වැඩ වෙයි.

මෙහි තිර රචනය කපිල කුමාර කාලිංගගේයි. ගීත රචනා කර ඇත්තේ වසන්ත කුමාර කොබවක හා සුනිල් විමලවීර, කපිල කුමාර කාලිංග වන අතර ගී ගයන්නේ උරේෂා රවිහාරි, උදය වික්‍රමසිංහ රංජන් සාලිය යන ශිල්පීන් හා ශිල්පිනියයි. ‘කල්පාන්තේ සිහිනයක්’ පර්ලි විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරිගේ නිෂ්පාදනයකි.