වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්තගේ ටෙලි නාට්‍ය තුනක් ඩීවීඩී ලෙස

උදයකාන්තගේ ටෙලි නාට්‍ය තුනක් ඩීවීඩී ලෙස

උදයකාන්ත වර්ණසූරියගේ අතිශ්‍ය ජනප්‍රිය ටෙලි සිතුවම් තුනක් ඩී. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා එළි දැක්විණ. ඒ දිය සුළිය, එකගෙයි කුරුල්ලෝ සහ සාගරය පරදායි. විජේරත්න වරකාගොඩ, මානෙල් වානගුරු, ප්‍රියන්ත විජේකෝන්, චන්න පෙරේරා ඇතුළු පිරිස එකගෙයි කරුල්ලෝ ටෙලි සිතුවම හැඩ කළ අතර, රත්නාවලී කැකුණවෙල, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිල්මිණි තෙන්නකෝන් දිය සුළිය සඳහා රංගනයෙන් එකතු විය. අචලා අලස්, නිල්මිණි තෙන්නකෝන් සාගරය පරදා ටෙලි සිතුවමේ ප්‍රධාන චරිත මවන ලදී. මේ කුමාර කොතලාවල වෙනුවෙන් ටොරානා වීඩියෝ මූවිස් නිෂ්පාදනයකි.