වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




වැම්පයර් කලබල වෙලා

වැම්පයර් කලබල වෙලා

Buffy The Vampire Slayler, Criminal Minds නම් වූ රූපවාහිනී කතා මාලා ඔස්සේ අතිශය ජනාදරයට පාත්‍ර වූ අමෙරිකානු නළු නිකොලස් බ්‍රෙන්ඩන් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගැණුනා. අමෙරිකා එක්සත් ජනපදයේ බෝරිස් හි හෝටලයකදී කලහකාරී ලෙසින් හැසිරීම හේතුවෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට පත් වී තිබුණේ. නිකොලස්ගේ මෙම හැසීරීමෙන් හෝටලයේ වීදුරු භාණ්ඩ රැසක් විනාශ වෙලා.

එහෙත් පසුව ඔහු ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබුණා. තමන් පාවිච්චියට ගන්නා ඖෂධ ඇල්කොහොල් සමඟ මිශ්‍රවීම නිසා මෙවැනි තත්ත්වයකට හේතු වූ බවයි ඔහු පවසන්නේ.

නිකොලස් තම ෆේස් බුක් පිටුවෙන් පවා මේ පිළිබඳ සමාව අයැද තියෙනවා. ‘මම මගේ පවුලේ සාමාජිකයන්, රසික රසිකාවන් කලකිරීමට පත් කිරීම ගැන බෙහෙවින් කනගාටු වෙනවා’ ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙනවා.