වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ආදරයමද?

මේ ආදරයමද?

ආදරය උතුරා යන හදවතකට එකම විෂයය වන්නේ එයයි. වෙනත් දෙයකට සිතක් පහළ නොවන තරම් දෙහදක සෙනෙහස ප්‍රබලය. රන්බීර් කපූර් සමඟ එකට ජීවත්වන බවට පැවසෙන කත්‍රිනා කායිෆ් රූගත කිරීම් අතර පවා සිහින මවන්නේ රන්බීර් සමඟ ගත කරන යුග දිවිය පිළිබඳවය. මෙය රන්බීර්ගේ බැබළෙන වෘත්තීය ජීවිතයට කණ කොකා හැඬීමක් බව බොහෝ දෙනාගේ අදහසයි. මේ දිනවල දෙදෙනාම ‘ජග්ගා ජාසූස්’ රූගත කිරීම් සඳහා බැංකොක් නුවරට ගොස් සිටිති.

කත්‍රිනා තම චරිතය ගැන අවධානය යොමු නොකරනවා පමණක් නොව රන්බීර් සමඟ දෙදෙනාගේ අනාගතය ගැන කතා කරමින් ඔහුගේ අවධානය ද බිඳ දමන්නීය.

මේ නිසා එක් දර්ශනයක් කිහිපවරක් ගැනීමට අධ්‍යක්ෂ අනුරාග් බාසුට සිදු වී තිබේ. රන්බීර්ගේ සෑම දර්ශනයක්ම යළි යළිත් රූ ගැන්වීමට මෙන්ම කත්‍රිනාට ද අවධානයෙන් රඟන ලෙසට අවවාද කිරීමට ඔහුට සිදු වී තිබේ. අධ්‍යක්ෂවරයා කොතෙක් අවවාද කළ ද එය මුණින් අතට නැවූ කළයකට ජලය වත් කිරීමක් බවට පත් වී අවසානය. කත්‍රිනා රන්බීර්ගේ සුපිරි නළු අනාගතය අඳුරු කරාවි ද? මාධ්‍ය පවසන්නේ ලබන පෙබරවාරියේදී දෙදෙනාගේ විවාහය සිදු විය හැකි බවයි.