වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




Bullet Proof කාර්

Bullet Proof කාර්

ෂාරුක් වැන්නන්ට වෙඩි වැදුණත් යළි නැඟී සිටීම, තිරයේ නිතර දක්නට ලැබෙන්නකි. සැබෑ ජීවිතයෙත් දැන් ඔහුට එලෙස නැඟී සිටීමට හැකිය. ඒ හැපි නිව් ඉයර් රූගත කිරීමේදී ඔහුගේ මිතුරු කරීම් මොරානිට පාතාල ලෝකයෙන් මුහුණමට සිදු වූ තර්ජන නිසයි.

ඉන් පසු ෂාරුක් වෙඩි නොවදින කාරයක් භාවිත කරන අතර බිරිය ගෞරීට ද වෙඩි නොවදින කාරයක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර අවසන්ය. ෂාරුක් යනු තමන්ගේ පමණක් නොව පවුලේම සුරක්ෂිතභාවය ගැන සිතන්නෙකි. නොවැම්බර් 2 වැනිදා හතළිස් නව වැනි උපන් දිනය සැමරූ ෂාරුක්, රසිකයන්ගෙන් ලැබෙන සුබපැතුම්වලට ස්තුති කිරීමට ද අමතක නොකළේය.