වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘ෆ්‍රී’ ගීතය ගැයූ සෙනානි ජාත්‍යන්තරයේ අවධානයට

‘ෆ්‍රී’ ගීතය ගැයූ සෙනානි ජාත්‍යන්තරයේ අවධානයට

ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය සෙනානි විජේසේනගේ ‘ෆ්‍රී’ ගීතය මෙරට හා එක්සත් රාජධානියේ ගීත දර්ශක අතරේ ඉහළ ස්ථානයක් දිනා ගැනීමට සමත් වී ඇත. මෙරට ගීත දර්ශකයක සති කිහිපයක් පුරාවට ප්‍රථමස්ථානයේ රැඳී සිටින ‘ෆ්‍රී’ ගීතය එක්සත් රාජධානියේ ‘මියුසික් වීක් චාර්ට්’ හි විසි වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරියක ලෙසින් සේවය කරන සෙනානි ජාත්‍යන්තරයේ අවධානය තමා වෙත යොමු කර ගනිමින් පසුගිය වසරේ පැවැති හොලිවුඩ් මියුසික් ඉන් මීඩියා අවෝඩ්හිදී තම ගීතයක් වෙනුවෙන් නිර්දේශිත විය. එමෙන්ම ඇය අමෙරිකා එක්සත් ජනපදයේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරට ද එක් වූවාය. ඉදිරියේදී තම ගීත ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඇය ඉන්දියාව වෙත යාමට සූදානමින් සිටින්නීය.