වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පාකීසා රත්තරන් සොරකම් කරලා

පාකීසා රත්තරන් සොරකම් කරලා

පාකීසා සිනමාපටයේ මීනා කුමාරි ‘චල්තේ චල්තේ යූහී කෝයි මිල් ගයා තා’ ගීයට කළ නර්තනය වරක් දුටු කෙනකුට යළි අමතක කළ නොහැකි තරමට සුන්දරය. ඒ වාගේම මීනා පැලඳ සිටි ආභරණ ද මතකයෙන් බැහැර නොවෙයි.

මේ අබරන පරම්පරාගත උරුමයන් වූ අතර ඒවා අයිති පාකීසා අධ්‍යක්ෂ කමල් අම්රෝහිගේ පරපුරටයි. දැන් ඒවායේ උරුමක්කරු කමල් අම්රෝහිගේ පුතු තජ්දාර්ය. ඔහුගේ බිරියටය. මිල කළ නොහැකි, පරපුරෙන් පරපුරට උරුම වූ මේ අගනා දායාදය මංගානිස් ව්‍යාපාරිකයා පසුව දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 37 කට වංචා සහගත ලෙස ලබාගත් බව තජ්දාර් පවසන්නේය.