වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 179

සිංහල සිනමා විස්තරය 179

හොඳ හොඳ සෙල්ලං

තිරගත වූ දිනය – 1990 ඔක්තෝබර් 19
ඉදිරිපත් කිරීම – ගීත රාණි චිත්‍රපට
නිෂ්පාදනය, කතාව සහ දෙබස් - එච්. එස්. පෙරේරා
නාමාවලිය සැකසීම, තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
සහාය අධ්‍යක්ෂණය – නිශාන්ත ප්‍රදීප්
සහාය සංස්කරණය - හැරිස් නන්දසිරි
කැමරා අධ්‍යක්ෂණය – ජී. නන්දසේන
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සටන් පුහුණුව - ටෙඩී විද්‍යාලංකාර
නිෂ්පාදන විධායක – රාණි පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - සුමිත් මෙන්ඩිස්
ශබ්ද සංකලනය සහ ඔප්ටිකල් ආරෝපණය - ජෝර්ජ් මනතුංග
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
විශේෂ දර්ශන ප්‍රයෝග සහාය - ශිරාණි ප්‍රියසාද්
කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට
සංස්කරණ මැදිරිය – ලංකා චිත්‍රාගාරය
දළ සේයාපට ඡේදනය – හැරිස් නන්දසිරි
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගී තනු හා සංගීතය – අර්නස්ට් සොයිසා
පූර්ව ප්‍රචාරක පට නිර්මාණය හා වෙඩි පිපිරවීම් – දිනේෂ් ප්‍රියසාද්
පූර්ව ප්‍රචාරක පටයේ කථනය – ගුණවර්ධන හෙට්ටිආරච්චි
ධාවන කාලය – විනාඩි 154 දිග අඩි 13860
රූ ගැන් වූ දළ සේයා පටල – මි. මී. 35 – orwo colour 19200
රූ ගැන් වූ දින ගණන - 24

ගීත - ඔබේ පෙම් වදන් නෑ - එච්. ආර්. ජෝතිපාල – කරුණාරත්න අබේසේකර
කැන්දගෙන යන්නම් – එච්. ආර්. ජෝතිපාල – වර්නන් පෙරේරා
කළු වුනාට යකා හරි හොඳයි - ෆ්‍රෙඩී සිල්වා - එච්. එස්. පෙරේරා
හලෝ සර් ගුඩ් මෝනිං - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද – එච්. එස්. පෙරේරා
මා නෙතු දෑලේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද – එච්. එස්. පෙරේරා
පිස්සන් කොටුවෙන් – එම්. එස්. ප්‍රනාන්දු – එච්. එස්. පෙරේරා
ඕන් නෝනේ බලාගෙනයි – නුවන් ගුණවර්ධන – එච්. එස්. පෙරේරා

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ලකී ඩයස්, ෆ්‍රෙඩී සිල්වා, විල්සන් කරුණාරත්න, පියදාස විජේකෝන්, මර්වින් ජයතුංග, නිහාල් සිල්වා, ටෙනිසන් කුරේ, මහේෂ් ජයසිංහ, එච්. එස්. පෙරේරා, අරුණ ශාන්ති, දොන් ගයි, රාණි පෙරේරා, සුමිත් මෙන්ඩිස්, ෆීලික්ස් ඇන්ටන්, සුනිල් ප්‍රේමකුමාර, මල්කුමාරි ගීතරාණි, සැන්ඩෝ හැරිස්, ලිලියන් එදිරිසිංහ, ප්‍රේමතිලක ද සිල්වා, රම්‍යජිත් වීරතුංග, සෙංකඩගල රාජු (වඳුරා) ප්‍රදර්ශනය – මරදාන ක්‍රවුන් ප්‍රමුඛ ප්‍රදර්ශන මණ්ඩලයේ ප්‍රදර්ශනය විය.

සිනමා ශාලා 10 දින 110 ඉක්මවා ප්‍රදර්ශනය විය.

හිත හොඳ පුතෙක්

තිරගත වූ දිනය – 1990 නොවැම්බර් 03
ඉදිරිපත් කිරීම – ඇනුක් ස්ටුඩියෝස්
නිෂ්පාදනය – රාජ් රණසිංහ
අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
කතාව, දෙබස්, තිර නාටකය - ටෙනිසන් කුරේ
සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් කැමරා
අධ්‍යක්ෂණය - නිමල්සිරි රෝසා
කැමරා සහාය – ජී. නන්දසේන
සංස්කරණය – නිශාන්ත ප්‍රදීප්
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – එම්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්
සහාය – එස්. ගමගේ
සැකසුම හා පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරය
නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් ගුණසේකර
කාර්මික සේවා - ටී. කේ. අලස්
කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
ධාවන කාලය – පැය 2 දිග අඩි 10900
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ප්‍රේමකීර්ති ද අල්විස්
නිශ්චල ඡායාරූප – පාලිත සිල්වා

ගීත - ගෝනි බිල්ලෝ කෝ - ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
මල් විමනේ මධු ඉතිරේ – ආනන්ද පෙරේරා, ලතා වල්පොල
ගොජිරි – බජිරි – ඉලුක්ක – ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා
මායා මවාලා පාලා - ෆ්‍රෙඩී සිල්වා
ලෝකයේ ළඳුනගේ හිත් තලා - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - සොමී රත්නායක (සිංහසේන) සුමනා අමරසිංහ (මැණිකේ), ජීවන් කුමාරතුංග (සේන), අනෝජා වීරසිංහ (ශමී), රෙක්ස් කොඩිප්පිලි (දන්තනාරායන), ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ක්ලිටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, ටෙඩී විද්‍යාලංකාර, ජයලත් ප්‍රනාන්දු, ටිරෝන් මයිකල්, ඩිලානි අබේවර්ධන, සුනිල් බමුණුආරච්චි, සිසිර කුමාරතුංග, ප්‍රියලාල් මෙන්ඩිස්, ලාල් පීරිස්, මධු මිහිරි කුරේ, ලක්ෂ්මන් ආරච්චි, නිර්මාණ ජයතුංග, මල්කා දමයන්ති, චිත්‍රානි, සුසිලා කූරගම, මර්සි එදිරිසිංහ, මාක් සැම්සන් ආරම්භක සිනමා ශාලා - රිට්ස් බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්ත – ගම්පහ, සම්පත් – පානදුර, ජයලත් – කටුනායක, නිව් සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල

ප්‍රදර්ශනය – පළවෙනි ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා
මංගල දර්ශනය – චිත්‍රපට නළු ජීවන් කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී.

හිමගිර

තිරගත වූ දිනය – 1990 දෙසැම්බර් 14
ඉදිරිපත් කිරීම - සිනේවිෂන්
කතාව, දෙබස්, තිරනාටකය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි අබේකෝන්, බණ්ඩාර ඇහැලියගොඩ
කතා සංකල්ප විකාශන සහාය - බණ්ඩාර ඇහැලියගොඩ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
කැමරා සහාය – මර්සලින් පෙරේරා, ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, යාපා ජයවර්ධන, නෝබට් රත්නසිරි
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - රෝහන මුදන්නායක
කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්, සහාය නිමල්සිරි ද සිල්වා
දෙබස් පටිගත කිරීම හා ශබ්ද සංකලනය - ජෝර්ජ් මනතුංග
ශබ්දාගාර සහාය – ලයනල් ගුණරත්න, ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, එච්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා
අතිරේක ශබ්දාගාර සේවා - ටී. කේ. ස්ටුඩියෝ, දිසානායක ෆිල්ම්ස්
රූප සංකලනය – ලීල් වික්‍රමසිංහ
ආරාධිත සංස්කරණ දායකත්වය – ජයතිස්ස දිල්ලිමුණි
කැමරා උපකරණ - ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රඩක්ෂන්, සම්පත් ෆිල්ම්සර්විස්
සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ටී. කේ.
චිත්‍රාගාරය නාමාවලිය – වජිර ලියනගේ
නිෂ්පාදන කළමනාකරණය – හැරී විමලසේන
නිශ්චල ඡායාරූප – ආරිය බණ්ඩාර සමරකෝන්
ගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ

ගීත - විල්තෙරේ පියුමක් ලෙසේ - සුනිල් එදිරිසිංහ, මාලිනී බුලත්සිංහල, බණ්ඩාර ඇහැලියගොඩ
හිරු ඩැහැගෙන ගිය – එඩ්වඩ් ජයකොඩි, දීපිකා ප්‍රියදර්ශනි – කුලරත්න ආරියවංශ

ධාවන කාලය – විනාඩි 135 දිග අඩි 12000
පිටපත් ප්‍රමාණය - 14
පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරය

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය ( සුමිත් අබේපිටිය), වසන්ති චතුරාණි (මේනකා අබේධීර), රන්ජන් රාමනායක, විල්සන් කරුණාරත්න, සම්පත් තෙන්නකෝන්, සිරිල් ධර්මවර්ධන, අශෝක පීරිස්, ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, ගෝතමී පතිරාජ, රූබි ද මෙල්, චන්ද්‍රා කළුආරච්චි, මාලිනී රණසිංහ, රංග හේරත්, ශ්‍රී නිහාල් පද්මකුමාර, කේ. ඩී. චන්ද්‍රසිරි, සමන්ති ලැනරෝල්, ජයංගනී දික්කුඹුර, හැරී විමලසේන, රංජිත් රූබසිංහ, රුවනි දුනුවිල, වික්‍රම සෙනෙවිරත්න, කැළුම් විජේසූරිය, තිස්ස රන්සිලිගේ, ක්‍රිෂාන්ත රුද්‍රිගු, මංජුලා විතානගේ, නිල්මිණි බුවනෙක, රම්‍යා ඒකනායක, සුනන්දා ප්‍රනාන්දු, වින්ධ්‍යා හේමාලි, තිස්ස කරලියැද්ද, රංග හේරත්

වන බඹරා

තිරගත වූ දිනය – 1990 දෙසැම්බර් 20
ඉදිරිපත් කිරීම – තිමති ෆිල්ම්ස්
කැමරා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – තිමති වීරරත්න
කතාව, දෙබස්, තිර නාටකය – ආනන්ද එස්. විජේසිරි
සහාය අධ්‍යක්ෂණය – උපාලි පියරත්න, සුරේෂ් අබේරත්න
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා,රෝහණ ධර්මසේන
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්
නැටුම් අධ්‍යක්ෂණය – නිෂාන් පීරිස්, කෙවින් නුගේරා
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, රංජිත් පෙරේරා, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, අනුර අභය අල්විස්
රසායනාගාර කටයුතු - ජෙරාඩ් ජයවර්ධන
රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් පොඩි නිලමේ, ශාන්ත අත්තනායක, ටී. සී. සමරවීර, රේමන්ඩ් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
කාර්මික සහාය – ඩී. නිමල්සිරි, සුනිල්, චන්ද්‍රසිරි, ආනන්ද්
කැමරා සහාය – ඒ. කුමාරසිංහ, පුෂ්පා අත්තනායක
කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන, කුමුදුමලී ගමගේ
හඬ කැවීම් – නයනතාරා වීරරත්න
නිශ්චල ඡායාරූප – තිමති ස්ටුඩියෝ - පානදුර
නාමාවලිය – එච්. ජේ. දිසානායක නිෂ්පාදන අධිකාරි – පත්මා රාජපක්ෂ
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, ජයන්ත කෝලියවංශ

ගීත - ආනන්දයි සඳ තරු පිරි රෑ - ග්‍රේෂන් ආනන්ද
සැනසීම ඔබයි – ලතා වල්පොල
මල් කෙමියේ රන් පිරුණේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
තොල් පෙති බඹරුන් කැන්දයි - ටෝනි හසන්
දෑතේ ඇඳේ දෛව රේඛා - ග්‍රෙෂන් ආනන්ද, ලතා වල්පොල

නළු නිළියන් - ශෂී විජේන්ද්‍ර, වසන්ති චතුරාණි, මැණික් කුරුකුලසූරිය, ඩිලානි අබේවර්ධන, රෙක්ස් කොඩිප්පිලි, ජයන්ත කැටගොඩ , තිලක් කුමාර රත්නායක, සුනිල් හෙට්ටිආරච්චි, හයසින්ත් විජේරත්න, බුද්ධි වික්‍රම, විද්‍යා ද සේරම්, මහේෂ් ජයසිංහ, ස්ටැන්ලි පෙරේරා, හිල්ඩා ඇග්නස්, තමරා තේනුවර, බර්ටි ගුණතිලක, මැණිකේ අත්තනායක, ලක්ෂ්මන් ආරච්චිගේ, කපිල සිගේරා, සැන්ඩෝ හැරිස්, ප්‍රේම් නන්දිවෙල, වින්ද්‍යා හේමමාලිනී, නන් ශ්‍රී සාවිත්‍රි, ලසන්ත ප්‍රේමරත්න