වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ආරධ්‍යාගේ තෙවැනි උපන් දිනය

ආරධ්‍යාගේ තෙවැනි උපන් දිනය

අයිශ්වර්යා රායිට හතළිස් එක් වැනි උපන් දිනය කෙතරම් සොඳුරු වූවා ද කිවහොත් රාත්‍රියත් ඇයට දැනුණේ උදෑසන පරිද්දෙනි. නෑ හිත මිතුරන් සමඟ කාලය ගත කරන විට නොවැම්බර් දෙවැනිදාටත් එළි වී ඇති බව ඇයට සිහියට නොනැඟුණි. තමන්ගේ උපන් දිනයටත් වඩා ඇය දැන් වෙහෙසෙන්නේ නොවැම්බර් 16 වැනි දිනට යෙදී ඇති ආරධ්‍යාගේ තෙවැනි උපන් දින සැමරුම වෙනුවෙනි.

ආරධ්‍යා පළමු උපන් දිනය සැමරුවේ පවුලේ සමීපතමයන් සමඟිනි. දෙවැන්න ඇය හා සම වයස් දරුවන් සමඟ පැවැත් වූ අතර ‘ඈෂ්’ එය දියණියගේ ප්‍රථම විවාහ උත්සවයට සමාන කරයි. මෙවර නෑයන් සමඟත් දරුවන් සමඟත් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින්නීය. ආරධ්‍යා මෙවර ද මව වෙනුවෙන් ගී ගයනු ඇත.

ඈෂ්ට ඉදිරි කාලය අතිශයින්ම කාර්යය බහුල වනු ඇත. ජස්බාට පසු සිනමාපට ගණනාවකම ඇය රඟපෑමට නියමිතය.