වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන්ගෙන් අභිමානි

ජීවන්ගෙන් අභිමානි

වයස අවුරුදු හැටට වැඩි ගායන හැකියාව ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කුසලතාවන් එළිදැක්වීමේ අරමුණින් ජීවන් කුමාරතුංග පදනම මඟින් සංවිධානය කළ අභිමානි 2014 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගී තරගාවලිය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කොළඹ දිසාවේ පමණක් එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් මේ සඳහා අයැදුම් කොට තිබූ අතර ඉන් පහළොස් දෙනෙකු අවසන් වටයට තේරී සිටියහ.

මෙහිදී ප්‍රථම ස්ථානය ඇන්ටන් ප්‍රනාන්දු දිනාගත් අතර දෙවන සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් බී. පී. ගුණදාස සහ මිලී කාරියවසම් තේරී පත් විය.

මෙවන් වූ තරගාවලියක් මෙරට සංවිධානය වුණේ ප්‍රථම වතාවටය. එමෙන්ම මෙය ඉදිරියේදී දීප ව්‍යාප්තව සංවිධානය කරන බව සංවිධායක කමිටුව සඳහන් කළේය.

මෙම තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස රෝහණ බෝගොඩ සහ සමිතා මුදුන්කොටුව සහභාගි වූ අතර ජීවන් කුමාරතුංග, ශෙරීන් කුමාරතුංග සහ මල්ෂා කුමාරතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් උත්සව සභාවට එක් වී සිටියහ.