|
මර්වින් රඟපෑ චිත්‍රපටවල සල්ලි අදටත් දෙන්න තියෙනවා
සිනමාවට දුෂ්ඨයෙක් වුණු මර්වින් මට සෙනෙහෙබර සැමියෙක්
6/6, ප්‍රභාමාලි, පී. ඇම්. ප්‍රනාන්දු මාවත, මොරටුව ලිපිනයේ නිවහන මීට දශක දෙකකට පෙර කලාකරුවන්ගෙන්, රසික රසිකාවන්ගෙන් නිතර පිරී ගිය නිවහනක් විය. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. සිංහල සිනමාවේ විශිෂ්ට නළුවකු වූ මර්වින් ජයතුංග නම් නළුවා එහි වාසය කළ නිසාවෙනි. සිංහල චිත්‍රපට දෙසීයකට අධික ප්‍රමාණයක වැඩි වශයෙන් ප්‍රධාන දුෂ්ට චරිතය රඟමින් රිදී තිරයේ නොමැකෙන මතකයන් රැසක් ජීවමාන කළ මර්වින් ජයතුංගයන් අප අතරින් වියෝ වී මේ වන විට වසර විසි එකක් ඉක්ම ගොසිනි. මර්වින් අප අතරින් නික්ම ගිය ද එදා මර්වින් කළ කී දේ අද ද අපට ආවර්ජනය කර දෙනුයේ ඔහු රඟපෑ චිත්‍රපට නැවත විකාශයවීමත්, තිරගතවීමත් සමඟය.
චණ්ඩි පුතා, පෙම් ඉතිං කොහොමද? මර්වින් නැති වෙලා මේ නොවැම්බර් පළවෙනිදාට අවුරුදු විසි එකක්. ඒ කාලේ නම් අපේ මේ ගෙදර පත්තරවල අයගෙන් අඩුවක් නෑ. දැන් නම් ඉතිං අපි ගැන කියන්න කවුරුත් නැති තරම්. ඒ හින්දම තමයි අපි මේ තොරතුරු ටිකක් හොයලා බලන්න ආවේ? කොහොමත් මර්වින් ඉන්න කාලෙත් සරසවිය පත්තරය ගොඩක් උදවු කළා මර්වින් ගැන පත්තරයේ විස්තර දාලා. අද වුණත් අපි උන්නද මලා ද කියලා හරි බලන්න ආපු එක ගැන බොහොම සතුටුයි. මර්වින් ඔබ අප හැරගිය දුක්මුසු දවස මතකද?
අපි දෙන්නා ඉස්සෙල්ලාම යුග ජීවිතය අරැඹුවේ 1963. 05. 24 වෙනිදා. මර්වින්ට හදිසියේ
ඇතිවුණු හෘදයාබාධයක් නිසා අවුරුදු පනස් තුනේදී මාව අතහැරලා මෙලොවින් සමු ගන්න සිද් එයා ඒ පාර එතන හිටිය අයගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඥාති වන නර්ස් කෙනෙක් කොළඹ මහ රෝහලේ ඉන්නවා. ඉක්මනින් ඒ රෝහලට ගෙනි යන්න කියලා. ඔය අතරේ මට ගෙදරට පණිවිඩයක් ආවා මහත්තයාව මහ රෝහලට ඇතුළත් කළා, ඇඳුම් ටිකක් අරගෙන එන්න කියලා. මට පණිවිඩය ලැබුණු ගමන් ඇඳුම් ටිකත් අරගෙන ත්‍රීවිලර් එකෙන් මහ රෝහලට ගියා. ඒ යන කොට රෝහල පෙනි පෙනී ත්‍රීවිලරයේ ටයරයේ හුලං ගියා. මම හනික දුවගෙන ගියා රෝහලට. ඒ යන කොට දොස්තරලා වටවෙලා මර්වින්ගේ පපුව මසාජ් කරනවා. මගේ පුතත් එතකොට මා ළඟට දුවගෙන ආවා ආරංචියට. කොහොම හරි අන්තිමට ඒ ප්‍රතිකාර කරපු දොස්තර මම ළඟින්ම ගියා අහක බලන්. මම එක්ක වචනයක්වත් කතා කළේ නෑ. මට කිසිම දෙයක් හිතා ගන්නත් බැහැ. ඇඳුම් බෑග් එකත් මම ගාව. පුතා කළේ මාව ගිය ත්‍රීවිලරයෙන්ම ආපහු ගෙදර එවන එක. ඒ එනකොටත් මම පුතාට කිව්වේ තාත්තට ඕනෑ කරන බේතක් තියෙනවා නම් අරන් දෙන්න. සල්ලි ගැන මම බලාගන්නම් කියලා. කොහොම හරි එදා මම ගෙදර ආවටත් පස්සෙයි දන්නේ මර්වින් මම යනකොටත් ටික වෙලාවකට ඉස්සෙල්ලා මිය ගිහින් කියලා. මර්වින් නැති වෙලා අවුරුදු විස්සක් විතර ගත වෙලා. කොයි වගේ වටපිටාවක් ද ඊට පස්සේ ඇති වුණේ? මහත්තයා නැති වුණත් හරි, එයත් එක්ක හිටිය කිසිම කෙනෙක් ඊට පසසේ මේ පැත්ත පළාතේ ආවේ නෑ. අදටත් කිසිම කෙනෙක් කතාවත් කරන්නේ නෑ. ක්ෂේත්‍රයේ ඉන්න කොට තියෙන වටපිටාව නෙමේ නැති වුණාම තියෙන්නේ. ඒ හිටිය කවුරුත් හෙමින් සැරේ අයින් වෙනවා. මර්වින් නැති වෙන කොට එයා රඟපාලා තිබුණු චිත්‍රපට බොහොමයක මුදල් එන්න තිබුණා. ඒත් එයාගේ හදිසි මරණෙන් පස්සේ ඒ කිසිම කෙනෙක් ඒ මුදල් දුන්නේ නෑ. මම සමහරු ළඟට මාස ගණන් ගියා. ආවා. අද දෙන්නම්, හෙට දෙන්නම් කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. අන්තිමට මිනිස්සු හිටපු තැන්වලිනුත් මඟහැරලා ගියා. ඔය වගේ වංචාකාර මිනිස්සු ගොඩක් මාව රැවැට්ටුවා මර්වින්ගේ සල්ලි දෙනවා කියලා. බැරිම තැන මම හිත හදාගෙන ඔය දේවල් හොය හොයා යන එක අතහැරලා දැම්මා. දැන් ඉතිං ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙනවාද? මර්වින් රඟපාන්න එන්න කලින් වැඩ කළේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ. ඒ රස්සාවෙන් විශ්‍රාම යනකන්ම එහි වැඩ කළා. ඒ නිසා ඔහුගේ විශ්‍රාම වැටුප මට ලැබෙනවා. ඒ විශ්‍රාම වැටුප තමයි අදටත් මට ජීවත් වෙන්න, බෙහෙතක් ගන්න ඉතිරි වෙලා තියෙන්නේ. චිත්‍රපට දෙසීයකට වැඩි ප්‍රමාණයක රඟපෑ මර්වින් අපේ සිංහල සිනමාවේ බැබලුණු නළුවෙක් නේද? ඒ කතාව සහතික ඇත්ත. මහත්තයා කවදාවත් සල්ලි බලන් රඟපාපු කෙනෙක් නෙමේ. කවුරු කතා කළත් ගියා. ඒ තරම් අවංක හදවතක් තිබුණ කෙනෙක්. ඒ වගේ කෙනෙකුටත් මුදල් නොදී මඟ හැරියා නම් ආයේ කවර කතාද අපි ගැන කියන්න තියෙන්නේ. කවදාවත් පොරොන්දු මුදල නොගෙන චිත්‍රපටවල ඩබින් කරන්න බැහැ කිව්වේ නැහැ. රඟපාපු හැම චිත්‍රපටයකටම ඩබින්වලට ගියෙත් පොරොන්දු වූ මුදල පස්සේ දෙනවා කියන පොරොන්දුවට. ඔය වගේ වංචාකාර දේවල් නිසා එයා මොන තරම් නම් අපට නොපෙන්වා හිත් වේදනා වින්ද ද කියලා දන්නේ එයාම තමයි. එයා ඒ දවස්වල ඉතාම අඩු ගණන්වලට තමයි රඟපෑවෙත්. දැන් ඉතිං දරු මල්ලො එහෙම කොහොමද? අපට හිටියේ පුතයි, දුවයි. දුව ප්‍රියදර්ශනී හේමාලි. විවාහ වෙලා නුවර පදිංචි වෙලා ඉන්නේ. පුතා ශම්මි ප්‍රභාත් මාත් එක්ක මේ නිවසේ ජීවත් වෙනවා. එයත් තාත්තා වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාව කරනවා. ශම්මි පුතා ළඟ තමයි මම අද ඉන්නේ. පුතාගේ මුණුපුරන් දෙන්නත් එක්ක දැන් මම බණක් අහගෙන භාවනාවක් කරගෙන ජීවත් වෙනවා. මර්වින්ව අගයා ගුණ සැමරුමක් එහෙම කළේ නැද්ද?
කවුරුවත් එහෙම දෙයක් කළේ නැහැ. හැබැයි මර්වින්ගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක් වුණු මාක්
සැම්සන් මහත්තයා තනියෙන් උපහාර උළෙලක් තියලා මහත්තයා වෙනුවෙන් ප්‍රණාම පුද කළා. ඒ
ඇරෙන්න වෙන කවුරුවත් මහත්තයා මිය ගියාට පස්සේ කරපු කියපු කිසිවක් නැහැ. මේ ගමන මර්වින්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මොනවද කළේ? එයා නැති වෙලා දැන් අවුරුදු විසි එකක්. මම හැම අවුරුද්දකම මට පුළුවන් විදියට එයා වෙනුවෙන් පින් දහම් කටයුතු කරලා දානමාන දුන්නා. අද මම ඉන්න තත්ත්වය එක්ක මට කරන්න පුළුවන් හැකි අයුරින් ඒ දේවල් සිද්ධ කරනවා. මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලෙත් මස්මාංශවලින් තොර බොහොම යහපත් ජීවිතයක් තමයි ගත කළේ. ඒ වගේම හොඳ බෞද්ධයෙක් විදියට ගමේ පන්සලට නිතර ආව ගියා. මේ ගමන අපේ ඥාති වෙන ගෙදරක සාංඝීක දානයක් එදාට පැවැත් වූවා. මම ඒකට සහභාගිවෙලා මහත්තයා වෙනුවෙන් සිහි කරලා අටපිරිකරක් පූජා කළා. මර්වින් ඔබට හමුවුණේ කොහොමද? මට ඥාති වෙන නංගි කෙනෙක් හිටියා. එයා ඉගෙන ගත්තේ මොරටු විද්‍යාලයේ. එයාගේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය බලන්න මාවත් දවසක් එක්ක ගෙන ගියා. ඔය ගිය වෙලාවේ තමයි මර්වින් මාව දැකලා තියෙන්නේ. එයත් ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්. කොහොම හරි එදා ස්පෝට් මීට් එක ඉවර වෙලා ගෙදර එනකොට අපි පිටි පස්සෙන් ඇවිත් අපේ ගෙදරත් බලාගෙන ගිහින්. ඔය අතරේ මගේ නමත් හොයාගෙන. අපේ ගෙදර නැවතිලා හිටිය ඥාති දියණියගේ මාර්ගයෙන් මට එයාගේ කැමැත්ත දන්වලා එවලා තිබුණා. මම කිව්වා මගේ දෙමාපියන් හමු වෙලා කතා කරගන්න කියලා. ඊට පස්ස් මර්වින් ඇවිත් අපේ දෙමාපියන් හමුවෙලා එයාගේ දෙමාපියනුත් එක්ක ඇවිත් කතා බහ කරලා තමයි අපේ විවාහය සිද්ධ වුණේ. ඔබ විවාහ වෙන කෙට මර්වින් නළුවෙක්ද? නෑ, නෑ. එයා කලාවට සම්බන්ධ වුණේ හැට ගණන්වල. සැන්ටින් ගුණවර්ධන මාර්ගයෙන් හෙන්රි ජයසේන හඳුනගන්න ලැබුණා. ඔහුගේ හුණුවටයේ කතාව රඟපාන්න ගිහින් තමයි කලාවට පූර්ණ වශයෙන් එක් වුණේ. මර්වින් රඟපාන්න යනවට ඔබ විරුද්ධ වුණේ නැද්ද? නැහැ. පාසල් කාලයේ මමත් නාට්‍යවල රඟපෑවා. මගේ හිතත් කලාකාමී අදහස්වලින් පිරිල තිබුණ නිසා කිසිම දේකට මම විරුද්ධ වුණේ නැහැ. මර්වින් රඟපෑ චිත්‍රපටලින් ඔබ වඩාත් කැමැති මොන චිත්‍රපටයේ රංගනයටද? රක්තා චිත්‍රපටයේ. ඒ කාලයේ ඔහු රඟපෑ චිත්‍රපට බලන්නත් ඔබ කැටුව යනවාද? මමත් දරුවො දෙන්නත් නොවැරදීම චිත්‍රපටයක් තිරගත වන දවසට එක්ක යනවා බලන්න. ඒ දවසට රඟපාපු නළුවො නිළියොත් එනවා. ඉතිං මර්වින් මාව ඒ අයට හඳුන්වලා දෙනවා. මර්වින් තිරයේ වැඩිපුරම කළේ දුෂ්ටයාගේ කැරැක්ටරය නේද? එයා තිරය් දුෂ්ඨකම් කළාට කවදාවත් මට දුෂ්ඨකම් කළේ නැහැ. සිනමාවට දුෂ්ඨයෙක් වුණු මර්වින් මට සෙනෙහෙබර සැමියෙක්.
|