වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten

Top Ten

වානරයන් යළි මුලට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ ගෙවී ගිය සති අන්තයන් දෙක තුළදීම පළමු ස්ථානයට පැමිණීමට Dawn of The Planet of The Apes  චිත්‍රපටය සමත් විය. මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 36ක ආදායමක් වාර්තා කළේය.

දෙවැනි ස්ථානයට පැමිණ ඇත්තේ ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ The Purge: Anarchy චිත්‍රපටය යි. ත්‍රසජනක කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය පසුගිය ජුලි 18 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළේය. එය පළමු සති අන්තයේදී ඉපැයු ආදායම ඩොලර් මිලියන 28.4කි. තරුණ යුවළක් වටා ගෙතුණු කතා පුවතක් රැගත් මෙහි ෆ්රෑන්ක් ග්‍රිලෝ, කාමෙන් එජ්ගෝ, සැච් ගිල්ෆෝර්ඩ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ජුලි 18 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Planes: Fire & Rescue චිත්‍රපටය තෙවැනි ස්ථානයට පැමිණ ඇති අතර සිය පළමු සති අන්තයේදී උපයා ගත් ආදායම ඩොලර් මිලියන 18කි. හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Planes: Fire & Rescue අධ්‍යක්ෂණය රොබට් ගැනවේ විසිනි. Sex Tape චිත්‍රපටය මෙම සතියේ අමෙරිකානු බොක්ස් ඔෆිස් චිතපට මාලාවේ සිව්වැනි ස්ථානයට පැමිණ සිටින්නේ ඩොලර් මිලියන 15ක ආදායමක් ලබමිනි. පසුගිය ජුලි 18 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම හාස්‍යමය චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජේක් කැස්ඩන් විසිනි. ජේසන් සෙගෙල්, කැමරුන් ඩයස්, රොබ් කෝර්ඩ්‍්‍ර මෙහි රංගනයෙන් දායක වෙති.

Transformers : Age of Extinction  චිත්‍රපටය මෙවර පස්වැනි ස්ථානය හිමි වී ඇති අතර පසුගිය සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 10කි. අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සතිය ගෙවන Transformers : Age of Extinction  මේ වන විට උපයා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 227.2ක්. හාස්‍යමය කතා පුවතක් ගෙන එන Tammy චිත්‍රපටය ඩොලර් මිලියන 7.6ක සති අන්ත ආදායමක් ලබා හය වැනි ස්ථානයේ පසු වේ. හත් වැනි ස්ථානය හිමි වන්නේ ඩොලර් මිලියන 4.7ක ආදායමක් වාර්තා කළ 22 බ්භථන ඉබපඥඥබ චිත්‍රපටය යි.

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ අට වැනි ස්ථානය How to Train Your Dragon 2 චිත්‍රපටයට හිමිව තිබේ. Maleficent චිත්‍රපටය පසුගිය සතියේ මෙන්ම මෙවරද අටවැනි ස්ථානයේ රැඳී ඇති අතර බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දහය අතරේ එය දැන් ගත කරන්නේ අට වැනි සතිය යි. රොබර්ට් ස්ටේ‍්‍රාම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent  මේ වන විට ඩොලර් මිලියන 228.4ක ආදායමක් ලබා ඇත. ඩේව් ග්රී න් අධ්‍යක්ෂණය කළ Earth to Echo අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ දසවැනි ස්ථානයට පැමිණ ඇති අතර Deliver Us from Evil, Begin Again, Jersey Boys චිත්‍රපට මෙවර දර්ශකයේ ඉවතට ගොස් ඇති චිත්‍රපට වේ.