වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ජෝතිගේ මුද්දරයක් නිකුත් කරන්න

ජීවත්ව සිටියදී වසර තිහකට අධික කාලයක් ගී ලොව එක සේ ජනප්‍රියත්වයේ කිරුළු දරා සිටි අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලගේ රුවින් සමරු මුද්දරයක් නිකුත් කරන්නට යැයි බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිමි.
 

රවීන්ද්‍ර ලාල් අතුකෝරළ

පිටකෝට්ටේ

යළිත් සිනමා රසිකයන් අතරට එක්වීම සතුටක්

දීර්ඝ කාලයක නිහැඬියාව බිඳ දමමින් ස්වකීය දේශපාලන ගමනින් මඳක් මිදී නැවතත් සම්මානනීය සිනමාපටයක් සමඟින් රසික අප හමුවට පැමිණීම පිළිබඳ බන්දුල ගුණවර්ධන මහතාට අපගේ ගෞරනීය ප්‍රණාමය පුද කරමු.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

සාමුහික වින්දනය හරි ප්‍රබලයි

සිනමා ශාලාවක් තුළ චිත්‍රපට පෙන්වීමේදී ඇසෙන ප්‍රේක්ෂක අත් පොඩිය විසිල් එක සහ සාමුහික වින්දනය කිසිම විටෙක මොන තරම් දියුණු ගෘහස්ථ සිනමා උපකරණ භාවිත කරමින් චිත්‍රපටයක් නැරැඹුව ද නොලැබෙයි. සිනමා ශාලාවක් තුළ ප්‍රේක්ෂකයන් සමඟ ලබන සාමුහික වින්දනය එතරම්ම ප්‍රභලය.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කළාප

අධ්‍යාපන අධ්‍යක්ෂ

රඟන සනත්, ගයන සනත් ලෙස පිළිගන්න අපි මඟ බලා සිටිමු

සනත් විමලසිරිට,

දක්ෂ චරිතාංග රංගන ශිල්පියකු වන ඔබෙන් මෙතෙක් කිසිම අධ්‍යක්ෂවරයකු උපරිම ප්‍රයෝජන ලබාගෙන නොමැති බව රහසක් නොවෙයි. කට්ට කෛරාටික චරිත මෙන්ම ආදර චරිත ද ඔබ නිරූපණය කළත් ඔබ ගත පුරා දිවෙන දක්ෂතා නුදුරු අනාගතයකදී හෝ අපට දැකගන්නට ලැබේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයයි. පසුගියදා එක්තරා ගුවන් විදුලි නාලිකාවක ඔබ ප්‍රිය කරන ගීත දහයක් ප්‍රචාරය වෙද්දී ඉන් ඇතැම් ගීතවල අන්තරා කොටස ඔබ ගයන ලදී. එය අසා මට පුදුම හිතිණ. මෙවන් දක්ෂතාවයක් තියාගෙන නිහඬව සිටීම ගැන මම ඔබට දෝෂාරෝපණය කරමි. ගීත කවි කර ගයන අය සිටින මෙවන් යුගයක සනත් ගීත එකතුවක් රැගෙන අප වෙත එන්න. ගායක සනත් විමලසිරිව අපි සාදරයෙගන් පිළිගනිමු.
 

කරු මන්දාවල

නාත්තණ්ඩිය

ජෝති ගී ප්‍රචාරයට ස්තුතියි

ජෝතිපාල මහාගේ ගීත වැඩිම ප්‍රමාණයක් ප්‍රචාරය කරන නාලිකාව ලෙස මම දෙරණ ගුවන් විදුලිය හඳුන්වා දෙමි. එතුමාණන්ගේ උපහාර දිනයට සමගාමීව නොනවත්වා දින දෙකක් ජෝතිගේ ගීත අසන්නට ලබාදීම සතුටට කරුණකි.
 

සෙව්වන්දි පෙරේරා

පමුණුවිල

චැට් ඇන්ඩ් මියුසික් සම්මාන උළෙලකට ඉදිරිපත් කරන්න

පවුලේ නාලිකාව හරහා 2014, 11 දිග හැරුණු මහේෂ් ජයසිංහ, සාරංග දිසාසේකර, උමාලි, සමිතා ඇතුළු පිරිස සහභාගි වූ නිරෝෂන් ප්‍රේමරත්න මෙහෙය වූ චැට් ඇන්ඩ් මියුසික් වැඩ සටහන අගය කරමි.

නිරෝෂන් මල්ලියේ මෙම වැඩසටහන් පෙළ සම්මාන උළෙලකට ඉදිරිපත් කරන්නකො.
 

වසන්තා නාමලී

ගංගොඩගම

වාද බයිලා ශූරීන් අගයමු සොයා බලමු

කපිරිඤ්ඤා, විලන්ත පෝල්, රෝසා, ජොසලින්, ජාවා, ආතර් සිඤ්ඤෝ, කැපරි වැනි රාග තිස් හයකින් පමණ සමන්විත වූ වාද බයිලා කලාව වසර ගණනාවක් පුරා රැක ගනිමින් වාද බයිලා කරළියේ පෙරළිකාරයන් වශයෙන් සිරිලක පුරා හඬ රැව් පිළිරැව් දෙමින් නරඹන්නන් මවිතයට පත් කරමින්, ප්‍රීතියට පත් කළ වාද බයිලා කලාවේ අභිමානය රැකගත් පුරෝගාමීන් වූ රාජගිරියේ මාර්ෂල්, සිවුරුලුවා, සංගීතේ, මරදානේ රූබන්,

සො. දෝ. සිරිවර්ධන, පුංචි බොරැල්ලේ ඇන්ටන්, කවුඩානේ ඒඩින්, මොරටුවේ බයිලා හෙන්රි, තොටළඟ කුසුමපාල, බයිලා චක්‍රවර්ති එම්. එස්. මෝදර ජස්ටින්, කිරිබත්ගාඩ පවුලිස්, රත්මලානේ ටී. ඩී. ගුණලතිලක, නාගොඩ ලියෝ, ගල්කිස්සේ මිල්ටන් සිල්වා, උපාලි ලියනගේ, දෙහිවල සුමතිපාල, ආනන්ද තිස්ස, වසන්ත, ඒසිරි ප්‍රනාන්දු, පර්සි රාජපක්ෂ, ධර්මසේන, ජිනදාස, ග්‍රේනියල් පෙරේරා, සනී සමරතුංග, සරත් ප්‍රනාන්දු, ලාවුස් යන වාද බයිලා සූරීන් අතරින් දැනට ජීවත්ව සිටින්නේ මින් අතලොස්සකි. ඒ අය ගැන සොයා බලා මෙම කලාව රැක ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා.
 

සනී. එස්. ප්‍රනාන්දු

වාද්දුව

රනා සුවිශේෂයි

දැනට විකාශය වන ටෙලි නාට්‍ය අතරින් සුවිශේෂී කතා පුවතක් රැගත් ලස්සනම ටෙලි නාට්‍යයයි රනා. එහි ජගත් චමිල තමාට ලැබුණු චරිතය රඟන අන්දම ඉතා අපූරුය.
 

සලිත දිල්මින්

ඇහැළියගොඩ

හෂිනිකාගේ රඟපෑම් හරි අපූරුයි

තවමත් තරුණ වියෙහි පසුවන හෂිනිකා කරලියැද්ද රඟන තූර්යා හී දූදරුවන් සිටිනා මවක ලෙස ඉතාම ඉවසිලිවන්ත චරිතය හරිම හැඩයි.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

S.M.S.

දෙරණ ඩ්‍රීම්ස්ටාර් ධනුෂ්ක අයියා හිස් ටින් එකක් වගේ සිංදු කියපු විදිහ පට්ටම ලස්සනයි. ඔහු අනාගතයේ ඉතාමත් දක්ෂ ගායකයකු වන බව නියතයි.
 

අප්සරා

මාතර

නදීෂා රංගානි අක්කේ

ඔයා රඟපාපු අපේක්ෂා ටෙලි සිතුවමේ කොටසක් නෑරම මං නැරැඹුවා. රංගනයට වගේම ඔයාගේ අවිහිංසකකමට මම හුඟක් කැමැතියි. අපේක්ෂාගෙන් පසු ඔබ එවන් වූ චරිතයකින් අප හමුවේ යැයි තිබූ අපේක්ෂාව නම් බිඳ වැටුණා. ආයෙත් අවිහිංසක චරතයකින් අප හමුවන්න.
 

නිලූකා

අවිස්සාවේල්ල

මේ දිනවල අන්තර් ජාලයෙන් වැඩි ඉල්ලීමක් තියෙන ගීයක් තමයි ‘හිත රිදෙන දුක් ගීය ඔබටමයි ගයන්නෙ’ එය මම නිතරම අහනවා. ඒ වගේම එහි වීඩියෝවත් හරිම ලස්සනයි.
 

ෆාතිමා

වැලිගම

කවුරු කොහොම කිව්වත් සූරියභානු ඉහළ ගුණත්වයෙන් යුතු ටෙලි නාට්‍යයකි. එහි අමිත්ත වීරසිංහ අසුර ලෙස කරන චරිතයට තමයි මං වැඩිපුරම ප්‍රිය කරන්නේ. එය අධ්‍යක්ෂණය කළ අනුර මාධව ජයසේකරගෙන් මං ඉල්ලීමක් ද කරමි. එනම් සූරියභානු ඩී. වී. ඩී. ගතකර වෙළෙද පොළට ඉදිරිපත් කරන හැටියට.
 

විනී අල්විස්

කළුතර

රංගන ශිල්පීන් දෙපොලක් වන රෝහිත් මාන්නගේ පුංචි තිරයෙනුත් මාක් සැම්සන් රිදී තිරයෙනුත් යළි දක්නට ලැබීම ඉතාමත් සතුටකි.
 

වික්‍රම

මිද්දෙණිය

සිරස සුපරස්ටාර් හරහා අති දක්ෂයින් දෙපොළක් එළියට ආවෝය. ඒ ගයාන් අරෝෂ සහ චාමර ප්‍රසාද්ය. ඔවුන්ගේ අනාගතය පැහැබර වන්නේ අනුන්ගේ සිංදු නොකියා මින් ඉදිරියට තමන්ගේ ගී ගැයීමෙන් බවයි මගේ මතය.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

ජෝති වෙනුවෙන් අමුතුවෙන් පින් කළ යුතු නැත. ඔහුගේ ගීත ගැයීමෙන් සුපිරි තරු අනන්තවත් මුදල් උපයා ගනිති. ඒ පිනම ජෝතිට නිවන් දකින්නට ඇති.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

මුතුපළස, ගිරිකුල, ස්නේහා තුළින් අප හමුවන උද්දික ප්‍රේමරත්න කළු අරලියා නාට්‍ය කරන චරිතය නම් මාරයි. අපව විස්මයට පත් කළා ඔබ ඒ චරිතයෙන්.
 

මල්ෂා

මතුගම

අපේ රටේ වර්තමානයේ හදන චිත්‍රපටවලට වඩා අමෙරිකාවේ හැත්තෑ ගණන්වල හදපු චිත්‍රපට උසස්. අපේ රටේ ෆිල්ම් හදපු අයට නෙවෙයි ඒවා බලන අයටයි දොස් කියන්න ඕනෑ.
 

හේමන්ත

අඟුරුවාතොට

ලංකාවේ මුදල් ලබාදීමකින් තොරව නවකයන්ගේ ගී ප්‍රචාරය කරන එකම ගුවන් විදුලි නාලිකාවයි ශ්‍රී. එය නව පරපුර දිරිගැගන්වීමකි.
 

චින්තක

ඉංගිරිය

මගේ ඩ්‍රීම්ස්ටාර් වෙන කවුරුවත් නෙවෙයි, ලහිරුයි.
 

ඕෂධී

කොට්ටාව

අප රටේ සිටින ප්‍රවීණම ක්‍රිකට් විස්තර විචරකයින් දෙපොළක් වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ වෙනුවෙන් උපහාර උළෙළක් තියෙනවා නම් ගෙඩක් අගෙයි.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

හරූන් සුජාතා සුසංයෝගය සිනමා ගී රසික සිත් අමන්දානන්දයට පත් කළා.
 

ජේ. ඒ. සුනිල් ශාන්ත

නාවලපිටිය

ප්‍රතිචාර පිටුවට සුදුසු අදහස් නොපමාව ක්ෂණික කෙටි පණිවුඩ අයුරින් 0752805047 අංකයට එවන්න. තැපැල්පත් හෝ සටහන් පත් මඟින් නම් ප්‍රතිචාර, සරසවිය,

ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතය.

www.sarasaviya.lk යන වෙබ් පිටුව හරහා ද ඔබට ප්‍රතිචාර දැක් විය හැකිය.