වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පටාචාරා මෙවර උදයකාන්තගෙන් තිරයට ගෙන එයි

පටාචාරා මෙවර උදයකාන්තගෙන් තිරයට ගෙන එයි

එදා සන්ධ්‍යා - මෙදා පූජා

රූ ගැන්වීම් ඉන්දියාවේ

ථෙරි ගාථාවන්ගේ එන පටාචාරා පුවත යළිත් වරක් සිංහල සිනමාවට එක් වෙයි. එදා සන්ධ්‍යා කුමාරි චරිත මැවූ පටාචාරා චරිතයට මෙවර රංගනයෙන් දායක වන්නේ පූජා උමා ශංකර්ය.

පූජා සමඟ මාධනී මල්වත්තගේ සිටු දේවිය ලෙසද, අජිත් වීරසිංහ සිටුතුමා ලෙස ද, නලින් ද සම්පත් පටාචාරාගේ සැමියා ලෙස ද චරිත නිරූපණය කරයි. සෙසු චරිතයන් සඳහා නළු නිළියන් මේ වන විට තෝරමින් පවතියි.

ජයනාත් ගුණවර්ධන කැමරාව මෙහෙයවන පටාචාරා ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත නිර්මාණයෙන් ද, නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, ඇඳුම් පැළඳුම් නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චි ද දායක වෙති. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සුනිල් විමලවීර ගී පද රචනා කරති. නන්දා මාලිනී සමඟ සුනිල් එදිරිසිංහ ගී ගයනු ඇත. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්්පාදන කළමනාකරණයෙන් ද සම්බන්ධ වේ.

පටාචාරා රන්දිය ඔසී ශ්‍රී ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ලතා කුලරත්න නිෂ්පාදනය කරයි. ළඟදීම රූගත කිරීම් ආරම්භ කරන මෙහි දර්ශන ඉන්දියාවේදි රූගත කෙරෙනු ඇත. පටාචාරා මුල් චිත්‍රපටය විමලනාත් දිසානායකගේ අධ්‍යක්ෂණයකි