වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රොමේෂ් සුගතපාලගේ රොමේෂ් ඉන් ටියුන්ස් 26 දා

රොමේෂ් සුගතපාලගේ රොමේෂ් ඉන් ටියුන්ස් 26 දා

ජනප්‍රිය ගායක, සංගීතඥ රොමේෂ් සුගතපාලගේ රොමේෂ් විත් ටියුන්ස් සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය මෙම මස 26 වැනිදා එනම් ලබන සෙනසුරාදා සවස ජාඇල නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ. තීක්ෂණ අනුරාධ, ලක්ෂ්මන් හිල්මි, ලහිරු පෙරේරා, ශානිකා වනිගසේකර, ශෂිකා නිසංසලා, සුප්‍රියා අබේසේකර සහ හඳුන්වා දෙන ගායක ප්‍රමෝද් හේරත් මෙහිදී රොමේෂ් විත් ටියුන්ස් සමඟ ප්‍රසංගය රස ගන්වනු ඇත. කථනය ඩෙන්සිල් නුගේගොඩගෙනි. තමරි දර්ෂි ප්‍රමුඛ රංගනාවෝ මෙම විචිත්‍රවත් ප්‍රසංගය නර්ථනයෙන් හැඩ ගන්වති.

මේ දිනවල ජනප්‍රිය ගීත රැසක හිමිකරුවා වන රොමේෂ් ගැයූ දිගු දෑස දුටුවාම, බලා ඉන්නම්, සිනාසෙන්න බැහැනේ නිතර ඇසෙන ගීත බවට පත්ව ඇත.