වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




තිරනාටක රචනයේ

තිරනාටක රචනයේ

පාලිත ගලපත්ති

දැවැන්ත චිත්‍රපටයකට තිර පිටපතක් ලියමින් තමයි මා කාලය ගත කරන්නේ. ඒ වගේම ‘ශ්‍රී රාවණා වේද තන්ත්‍ර ආශිත හෙළ අංගම් අඟමුණ’ කියන කෘතියේ වෙළුම් හතක් පාඨකයන් අතට පත් කිරීමට සංස්කරණ කටයුතුවල නියැළෙනවා.

ඒත් සමඟම මේ සියලු නිර්මාණ කටයුතුවලට අවශ්‍ය මානසික පසුබිම හදා ගන්න භාවනා කටයුතුවල නියැළෙන්නත් මා අමතක කරන්නේ නැහැ.

අගෝස්තු මාසයේ 01 වැනිදා උතුම් මහ රාවණා උත්තමාචාර උලෙළේදී උපහාර හිමිවන තිදෙනා අතරෙන් මමත් එක් අයෙක්. කෞතුකාගාර ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත් වන මේ උලෙළට පැමිණෙන්න යැයි මා ඔබට ආරාධනා කරනවා.