වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කප්රුක් පුජාවකින් චූලෝදර මහෝදර ඇරැඹේ

කප්රුක් පුජාවකින් චූලෝදර මහෝදර ඇරැඹේ

සුනිල් ටී. - සනත් එකතුවක්

අලුත් නළු නිළියන් ඕනෑ

අලුත්ම සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු මෙම වස් සමයෙහි ලබන 7 වැනිදා කැලණිය රජ මහා විහාරයේ පවත්වන කප් රුක් පූජාවකින් ආරම්භ වීමට නියමිතය. ඒ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට එක්වන නිෂ්පානය වන චූලෝදර මහෝදරය. සනත් අබේසේකර එය අධ්‍යක්ෂණය කරයි.

සුනිල් ටී. ෆිල්ම්ස් ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට ඇති සිනමාපට සඳහා නවක නළු නිළියන් රැසකට අවස්ථාව ලබා දීමට ඔවුන් බලපොරොත්තු වේ. කළමනාකරු, සුනිල් ටී. ෆිල්ම්ස්, කොළඹ 10 යන ලිපිනයට මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමඟ අයැදුම්පත් එවීමෙන් සුනිල් ටී. ෆිල්ම්ස් මඟින් කෙරෙන චිත්‍රපට හා සම්බන්ධ විය හැකිය.