වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සුබ උපන් දිනයක්

සුබ උපන් දිනයක්

අපේ මිහිරට මෙම 27 වැනිදාට අවුරුදු පනහකි. එයට අපේ මිහිර යැයි පවසනුයේ ලේක්හවුස් ආයතනයෙන් දොරට වඩින නිසාම නොවේ. මිහිර මුලින් උපදිනුයේ සරසවියේ බැවිනි. 1963 වසරේ සරසවිය පුවත්පත ආරම්භ වනුයේ කලා, කාන්තා, ළමා විශේෂාංග සියල්ලම එක් කරමිනි. 1964 ජූලි 27 වැනිදා මිහිර ලෙස වෙන්ව ගොඩ නැගෙන්නේ සරසවිය පුවත්පතේ මුලින් තිබූ ළමා විශේෂාංග සමඟය. එදා මෙදාතුර පනස් වසරක් ගෙවී ඇත. මෙරට මාධ්‍ය ලෝකයේ ජීවත්වන බොහෝ දෙනා අත් පොත් තබනුයේ මිහිරෙනි. පාසල් වියේ දී මිහිරට ලියන්නෝ පසු කලෙක මෙරට කිත් පතල ලේඛකයෝ වෙති. මිහිර ආරම්භක කතුවරයා වූයේ ශි‍්‍රලාල් හික්කඩුව ලියනගේ මහතාය. මිහිරෙන් මිහිර විඳින්නා වූ මෙරට විද්වතුන් සංඛ්‍යාව මෙපමණකැයි කිව නොහැක.

එබැවින් මිහිරෙන් මිහිර විඳින්නට කැපවූ මිහිර වත්මන් කතුවර අජිත් ධර්මසිරි ප්‍රමුඛ එම කතු මඩුල්ලට සුබ පතමු. මිහිරෙන් මිහිර සදා කල් රැඳේවා, සදාකල්හිම මිහිර මිහිරෙන් පිරේවා.