වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බිමල් ජයකොඩිට ගැළපෙන ගැටවරයෙක් ඕනෑ

බිමල් ජයකොඩිට ගැළපෙන ගැටවරයෙක් ඕනෑ

කන්ද උඩරට ඓතිහාසික රාජධානි සමය පාදක කර ගනිමින් සුදත් රෝහණ නිර්මාණය කරනු ලබන සෙංකඩගල රාජසිංහ සිනමා නිර්මාණයේ රාජසිංහ රජුගේ යොවුන් අවධිය නිරූපණය කිරීම සඳහා නවක ශිල්පියකුව තෝරා ගැනීමට අදහස් කරයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි පණ පොවන අතර ඔහුගේ පෙනුමට සමාන වූ වයස අවුරුදු 17 – 19 අතර සිටින යොවුන් රංගන ශිල්පීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.

මෑතකදී ගත් වර්ණ ඡායාරූපයක් ඇතුළත් විස්තර සඳහන් කළ අයැදුම්පතක් සුදත් රෝහණ, අංක DV2/L මැනිංටවුන් මහල් නිවස, වික්ටෝරියා පෙදෙස, කොළඹ 08 ලිපිනයට යොමු කිරීමෙන් මෙහි මූලික පරීක්ෂණයට සහභාගිවීමට පුළුවන.