වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනය පිළිබඳ වැඩමුළුවක්

රංගනය පිළිබඳ වැඩමුළුවක්

රංගන ශිල්පී බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර

මේ දවස්වල නම් ඡායාරූප අංශයේ කටයුතුවලට තමයි වැඩි දායකත්වයක් ලබා දෙන්නේ. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර විස්සක් විතර ගත වෙලා. මේ දක්වා රංගන ක්ෂේත්‍රයේ පැමිණි ගමන හෙමින් එකක් වුණත් ඒ පිළිබඳ හදාරමින් නිර්මාණ සඳහා දායක වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඉනෝකා සත්‍යාංගනී ගේ ‘සින්ඩරෙල්ලා’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත එය මගේ සිනමා ගමනට ලොකු අත්වැලක් වේවි කියලා මම හිතනවා. ඒ වගේම ඉදිරියේදී අධ්‍යක්ෂණයට යොමුවෙන්න වගේම රංගනය පිළිබඳ හරවත් වැඩමුළු පවත්වන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.