වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

ඔබේ ක්ෂණික ප්‍රතිචාර කෙටි පණිවුඩ අයුරින් 0752805047 අංකයටත්, ඒවා දීර්ඝව සටහන් කරන්නේ නම් තැපැල් හෝ සටහන් පත් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවිය හැකිය. ප්‍රතිචාර කුමන අන්දමින් එව්ව ද එහි අග ඔබේ නම සහ ප්‍රදේශය සනිටුහන් කිරීම වැදගත්ය.

සාරංග වගකීම කදිමයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන පබසරා ටෙලි නාට්‍යයේ මන්ද මානසික චරිතයක් නිරූපණය කරන සාරංග දිසාසේකර තම වගකීම කදිමට ඉටු කරනවා. ඒ වගේම පබසරා හී රූප රාමු ඉතාම කලාත්මකයි කියලා මට කියන්න පුළුවනි.

අයලීන් සෝවිස්

වැලිසර

කොතරම් හොඳද

රේඛාව, මඩොල්දූව, අක්කර පහ, හඳයා, සිකුරු තරුව, කුරුළු බැද්ද වැනි චිත්‍රපට කුමන හෝ රූපවාහිනී නාලිකාවකින් විකාශය කරනවා නම් කොතරම් අගේද?

තිලකරත්න විල්වල

කෑගල්ල

සුරේන්ද්‍ර පෙරේරා අයියාට,

ඔබ හිරු මෙගා බ්ලාස්ට සංගීත ප්‍රසංගයේ අනිවාර්යයෙන්ම ගී ගැයිය යුතු අයකු කියලා මා හිතනවා. ඔබ සිංදු කියනවා හරිම ලස්සනයි. සුරේන්ද්‍ර අයියේ ඔබ ජීවිතේ හොඳීන් ගෙවනවා ඇති නේද? මම ඔබට සුබ පතනවා ජීවිතය ඇති තෙක් අපට ගයන්න කියලා.

නිලුකා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු

නාත්තන්ඩිය

මල් මිටික්

බුද්ධදාස විතානආරච්චි රන්තරු ටෙලි නාට්‍යයේ අසංකගේ පියාගේ චරිතයට මනාව පණ පොවනවා. ගැඹුරු කට හඬක් හිමි ඔබට මගෙන් මල් මිටක් මෙසේ පුදමි.

නීටා මාසලීන්

වරාගොඩ

පණ්ඩිත් අමරදේව සූරීන්ට,

ජීවත් වුණත් මේ උතුමා කොළොම් තොට
නිතරම ගරු කළා සිංහල ගැමි කමට
මුදලට වහල් වීමෙන් අනුවණ ලෙසට
නැත නැත නිගා කොට මෙ ගීීකෙත් බිමට

අපගෙ පිනට ඉපදුන මේ උත්තමයා
දෙවියෙකි මම වඳිමි දෝතම නලලෙ තියා
මැණිකක් රකින නා රජිඳෙකු ලෙසට නියා
රැක ගමු සදා මේ පින්බර සෙන්පතියා

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

හොඳම සිනමාහල ක්වීන්ස්

දකුණු පළාතේ සිනමාහල් අතරින් මා දුටු හොඳම සිනමාහල ක්වීන්ස් සිනමාහලයි. එය පහසුකම් අතින් ඉතාම ඉහළයි. ඒ වගේම ක්වීන්ස් ඉතා පිරිසුදුව තබා ගැනීමට එහි කළමනාකාරීත්වය වග බලා ගන්න.

දයානන්ද ද සිල්වා

හික්කඩුව

දැන් ඕනෑ

මා දෑසෙ වේදනා, සඳ කුමාරියක්, පෙම්වතුන් සිනාසේ ඇතුළු ගීත ගණනාවක් පද රචනයෙන් මෙන්ම සංගීතයෙන් ද හැඩ කළ ජාතික තරුණ සේවා සභාවේ ගුරුවරයකු ද වන විශාරද නිහාල් ගම්හේවා මෑතකාලීනව නිර්මාණ බිහි කළේ නැහැ. මේ කාලයට ඔබ හැදූ හරවත් ගීත අවශ්‍යය.

නලීන් ප්‍රසාද්

ගණේමුල්ල

අසාධාරණයක්

බහුතරයක් ගුවන් විදුලි නාලිකාවන් හී නිවේදකයන් ගීත ප්‍රචාරයේදී පද රචකයාගේ සහ සංගීත නිර්මාතෘවරයාගේ නම සදහන් නොකිරීම බලවත් අසාධාරණයකි. ගායන ශිල්පියාගේ පමණක් නොව ගීතය බිහි කරන්නට අපමණ දායකත්වයක් දැන ඔවුනට කරන ඉමහත් ගෞරවයක් බඳුය. එම වගකීම හොඳීන් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ චිත්‍රා කුමාරි පත්තප්පෙරුම සහ ධම්මික පී. රත්නායක යන නිවේදක දෙපොලට මාගේ කෘතඥතාවය පළ කරමි.

චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ

පිළියන්දල

අනේ ලිබර්ටි මේ මොකද?

මම පසුගිය දිනෙක කොල්ලපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ ඩූම් 3 සිනමාපටය නරඹන්නට ගියෙමි. එහි අඩක් තිරගත වෙද්දී සිනමාපටයේ හඬ හදිසිියේ නැතිව ගියේය. ඉන් මා ඇතුළු සිනමා ශාලාවේ ප්‍රේක්ෂකයින් මහත් වූ අපහසුතාවයකට පත් විණ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිනමා ආයතනයක් යටතේ පවතින කලක අතිශය දියුණු ලිබර්ටි සිනමාහල මෙපමණ අඩුපාඩුවක් පවතී නම් අනෙකුත් සිනමා ශාලාවන් හි තත්ත්වයන් ගැන සිතා ගත හැකිය.

වික්‍රමසිංහ

පිටකෝට්ටේ
 

****************************************************************

 

S.M.S

ඉෂාරා සඳමිණි කියන්නේ මං දැකපු ලස්සනම නිළියයි. ඇය රඟපාපු සිහින පියාපත්, සිහිනයකි ජීවිතේ, චායා සහ රන්තරු යන නාට්‍යය සියල්ල නැරැඹුවා. ඉෂාරා දිගු ගමනක් යන්නට හැකි නිළියක් කියලා විශ්වාසයෙන් මට කියන්න පුළුවන.

සම්පත්

මාතර

සුමින්ද සිරිසේන කලාකරුවාණෙනි, ඔබ අද වන විට රංගනයෙන් ඉවත්ව සිටියද ළගදී දිනයක නැවතත් අප වෙනුවෙන් රංගනයට පැමිණෙන බව මම අදහන කරුණකි. ඔබ වන් වූ දක්ෂ චරිතාංග නළුවකු නොමැතිව කැමරාව දුක්මුසුව බලා සිටිනු පෙනේ. එන්න ළඟදීම ඒ කැමරාව ඉදිරියට. ඇවිත් රඟන්න යළි පෙර සේ.

සරත් කුමාර සමරවීර

කොළඹ

රූපවාහිනී නාළිකාවක් නරඹන්නට සිත් වී රූපවාහිනිය ක්‍රියාත්මක කළ නමුදු බලන්නට ආස කරන නාට්‍යයක් එහි නොවීය. තෑගි දෙනවා යැයි කියමින් බලහත්කාරකමින් රූපවාහිනිය පෙන්වන සංස්කෘතියක් දැන් ඇති වී තිබේ. මම නම් දැන් කරන්නේ රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹලා නිදාගන්න එක. ඒ ක්‍රමය අපේ හිතටත් අපේ ආර්ථිකයටත් වාසිදායකයි.

සමන් ගාල්ලගේ

කැටපළ

පණ්ඩිත් අමරදේවයන්ගේ ‘සොඳුරු වූ මිනිසා’ ගීත ඇල්බමය කඨෝර වූ රසික සිත් යායට පොද වැස්සක් වැටුණා හා සමානය. එතුමාණන්ගේ මධුර වූ ස්වර රටාව අනුගමනය කරමින් වෙනත් නිර්මාණකරුවෝද නිර්මාණ බිහි කළ යුතුය.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

තාරුකා වන්නිආරච්චි නම් සුරූපී යෞවනියට ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන මහ රජ ගැමුණු හි විහාර මහ දේවියගේ චරිතය ලැබී තිබෙනවා. ඇය ඒ චරිතයට අපූරුවට පණ පොවාවි.

ජයන්ත

මතුගම

එදා රටම හිනැස්සූ මර්සි අද අසරණ වෙලා. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම ඉතාම ඉක්මනින් අපට පිනවන්න ලැබේවා කියලත් පැතුමන් පතනවා.

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

රත්න කහඳව

අලව්ව

ෆාතිමා

වැලිගම

කලාකරුවකුට විපතක් වුන විට පිහිට වන කලාකරුවන් තවමත් සිටින බව මර්සි එදිරිසිංහ වෙනුවෙන් ප්‍රසංගයක් සංවිධානය කළා යැයි පුවත කන වැටුණ විට මට සිතිණ. එයට සහභාගි වූ සියලු කලාකරුවන් මෙලොව දීම රැස් කර ගත්තේ මහත් වූ කුසල් සම්භාරයකි. ඒ අයට ප්‍රණාමය ද මෙලෙස පිරිනමමි.

චින්තක

ඉංගිරිය

ශෙරිල් (අමා) අක්කේ ඔයා තමයි මං ආසම නිළිය. අනේ අක්කේ ඔයා වගේම අක්කා කෙනෙක් වුණා නම් කියලා මට හිතෙනවා. ඒ තරමටම මං ඔයාට ආදරෙයි.

ශානිකා

වෙනිවැල්ගොල

රේණුකා බාලසූරිය මහත්මියනි,

ඔබ නිෂ්පාදනය කරන සෑම නිර්මාණයක්ම සමාජයට ඉතා හොඳ පණිවුඩයක් ගෙන දෙනවා. ඒ වගේම ඉන් ලබා ගත හැකි ආදර්ශ බොහෝය. කෙටියෙන්ම කිව්වොත් මගේ මතයට අනුව ඔබ මේ වන විට කලා ක්ෂේත්‍රයට අමතක නොවන අමරණීය චරිතයක් වී හමාරය.

මධුශිකා සඳරුවණි

කඩුවෙල

කංචන කොඩිතුවක්කු අයියේ,

ඔබට රංගනයට ඇත්තේ පුදුම හැකියාවක්. ඒ වගේම ඔබ රඟපාද්දී රඟපානවා කියලා මට නම් දැනෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි සිරීගේ ඉරණමේ කංචන රඟන සාලිය නම් වූ චරිතය. සාලියව දකිද්දී මට පුදුම තරහක් සිතට දැනෙන්නේ.

සහනි හසාරා

පෝද්දල

සාරංග දිසාසේකර ‘මා දෙනෙත්’ නම් වූ ගීතයක් ගැයුවා. එම ගීතය ද ඇතුළත් කරලා සංයුක්ත තැටියත් එළි දක්වන්නකෝ. එය සීඝ්‍රයෙන් අලෙවි වේවි.

හර්ෂ

මාකඳුර

සමහර නළු නිළියන්ට ඩිවෝස් වෙනවා කියන එක ඇඳුම් මාරු කරනවා වගේ වැඩක් කියලයි මට නම් පේන්නේ. ඩිවෝස් වීම දැන් ෆැෂන් එකක් වෙලා. මෙහෙම ටික කාලයක් යද්දී හොලිවුඩය පරාද වෙයි අපේ හෙලවුඩය කරන වැඩවලින්.

ෆාතිමා

වැලිගම

ඩිනක්ෂි ප්‍රියසාද්ට,

හුරුබුහුටි බවින්ද අග තැන්පත්, රුවින්ද, සොඳුරු උවනින් ද අප වසඟ කරන්නීය.

සුගත්

මීගමුව

අලුත් සංගීත නිර්මාණකරුවෙනි ඔබලා ගීත නිර්මාණය කරද්දී එකම ආරකට ගීත හදන්න එපා. ඉස්සර නිර්මාණකරුවන් වගේ විවිධාකාර වූ ගීත නිර්මාණය කරන්න. විශේෂයෙන් මවු ගුණ ගීත මේ දිනවල නිර්මාණය වන්නේ නැති තරම්ය.

ලක්මාලි

වරකපොල

චන්දික නානායක්කාර මේ දිනවල නපුරු වෙලා. ඒ වාසුලි කන්ද ටෙලි නාට්‍යය හින්දා. චන්දික එහි රඟන නපුරු රතු මහත්තයා චරිතයට ඉතා හොඳ සාධාරණයක් කරනවා කියලා එහි රසිකයෙක් වශයෙන් මට කියන්න පුළුවනි.

වික්‍රම

මිද්දෙණිය

අමන්දා ටෙලි නාට්‍යයෙහි රඟපාපු කැතී දැන් පේන්න නැහැනේ. අනේ අක්කේ ඔයා ආයෙත් රඟපාන්න එන්නකෝ.

වෙනුර

මාතර