වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




දිරිමත් මනීෂා

දිරිමත් මනීෂා

සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන් යන ඛාන් ත්‍රිත්වයටම පෙම්වතිය වූ මනීෂා කොයිරාල දැන් සිහින මවන්නේ රන්බීර් ගේ අක්කණ්ඩිය ගේ චරිතය නිරූපණය කිරීමටය. රන්බීර් අති විශිෂ්ට නළුවකු බව ඇය පවසන්නීය.

හය මාසයක් ඩිම්බකෝෂ පිළිකාවට ප්‍රතිකාර ලැබූ මනීෂා යළිත් සිනමාවට පිවිසීමට පෙරුම් පුරන්නීය. ඒ වාගේම ඉන්දියාවේ ජනතාව පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වීමටත් ඇය බලාපොරොත්තු වන්නීය. යළිත් කිසිදිනක පිළිකාවට තමන්ව පරාජය කිරීමට ඉඩ නොදෙන බව මනීෂා තරයේ කියා සිටින්නීය. සිනමාවේ දෙවැනි ඉනිම ඇය ඇරැඹීමට බලාපොරොත්තු වන්නේ හොඳ චරිත තෝරා ගැනීම්වලිනි. ඇය මීට පෙර දී කළ වැරැදි තෝරා ගැනීම් ගැන දැන් පසුතැවිලි වන්නීය.