වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පිස්සු පූසා විශ්‍රාම සුවයෙන්

පිස්සු පූසා විශ්‍රාම සුවයෙන්

හඬ කැවීම් ශිල්පී පරාක්‍රම පෙරේරා

රැකියාවෙන් විශ්‍රාම ගිය නිසා නිවෙසට වී කාලය ගත කළත් හඬ කැවීම් කටයුතුවලට මා සහභාගි වෙනවා. ‘ඉසිවර වෙදැදුරු’ ටෙලි නාට්‍යයේ කොන්යොන් ගේ මාමාට හඬ කවන්නේ මම තමයි. ඊට අමතරව හිරු ටී. වී. එකේ ‘හැඩ වැඩ කෙල්ලෝ’ කාටුන් වැඩසටහනට වගේම ශ්‍රී එෆ්. එම්. එකේ ‘එකොමත් එක රටක’ කියන සුරංගනා කතාවත් ඉදිරිපත් කරනවා. පසුගිය දිනවල ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා. එහි විශේෂත්වය වන්නේ මා ඊට සහභාගි වුණේ පිස්සු පූසා සහ දොස්තර හොඳ හිත කියන ළමා හා වැඩිහිටි පරපුර අතර ජනපි‍්‍රය වුණු චරිත ඔස්සේ වීමයි.