වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගෞරවාන්විත පුරාවෘත්තයක නූතන නිර්මාණ සාක්ෂිය

ගෞරවාන්විත පුරාවෘත්තයක නූතන නිර්මාණ සාක්ෂිය

සනත් අබේසේකර නිර්මාණයක්

ලොවම දහම් සිහිලෙන් සනසවාලූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ, වෙසක් පෝ සඳ එළිය අවධි වෙමින් තිබියදී ඉන්දියාවේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් පෑ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ගේ එක් දළදා වහන්සේ නමක් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ද, තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශවාසීන් ද, තවත් දළදා වහන්සේ නමක් නාග රාජයානන් විසින්ද ලබා ගනු ලැබුවේ පුද පූජා සත්කාර කිරීම සඳහාය.

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ ඛේම නම් රහතන් වහන්සේ ලබාගෙන බරණැස බ්‍රහ්මදත්ත රජතුමා හට බාර දුන්නාය. ඉහළ පුද සත්කාර සිදු කරමින් ගෞරවාදරයෙන් මෙන්ම ඉමහත් භක්තියෙන් බ්‍රහ්මදත්ත රජ පරම්පරාව රැක ගත් දළදා වහන්සේ කාලිංග දේශයේ ජනතාවගේ රජ දරුවන්ගේත් උතුම්ම වස්තුව බවට පත් වූහ.

කාලිංග දේශයේ කැරලි කෝලාහල හේතුවෙන් දළදා වහන්සේට රැකවරණය ලබා දිය යුතු යයි එදවස දළදා වහන්සේගේ භාරකාරිත්වය හිමිව තිබූ ගුහජීව රජතුමා තීරණය කළේය. ඒ අනුව ඔහු තම දියණියට සහ බෑනනුවන්ට එම භාරදූර ගෞරවාන්විත වගකීම භාර දුන්නේය. ඒ අනුව හේමමාලා කුමරියගේ කෙස් කළඹ මත සඟවා ගනිමින් දන්ත කුමරුන්ගේ ආරක්ෂාව මැද අප පින්වත් රටට දළදා වහන්සේ වැඩම කරවන ලද්දේ කිත්සිරි මෙවන් රජ සමයේය.

11 වැනි සියවසේ පොළොන්නරු රාජධානියේ අග රැජණ වූ ලීලාවතී රාජ්‍ය සමයේදී පූජ්‍ය ධම්මකිත්ති හිමියන් විසින් රචිත දාඨා වංශය නම් ලද ශ්‍රේෂ්ඨ කෘතිය හා ඉන්දීය බෞද්ධ ජන සාහිත්‍ය පරිලශීලනය කරමින් සනත් අබේසේකර තිර රචනයෙන් හැඩ කළ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද ‘සිරි දළදාගමනය’ දැවැන්ත සිනමා කෘතියෙහි අන්තර්ගත වන්නේ අප පින්බර මාතෘ භූමියට දළදා වහන්සේ වැඩම වූ අපූරු කතාන්දරයයි.

කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමා කෘතිය මාර්තු 06 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.

සිරි දළදාගමනය නළු නිළි කැළ:

ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, මාක් සැම්සන්, කමල් දේශප්‍රිය, උදාර රත්නායක, පියුමි බොතේජු, සුරේනි අයංගිකා, නිලුක්ෂි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, වසන්ත දුක්ගන්නරාල, විශ්ව ලංකා, චින්තක කුලතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සුදර්මන් රදලියගොඩ, අසංග පෙරේරා, ජයන්ත අතපත්තු, දෙනුවන් සේනාධීර, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, තිස්ස බණ්ඩාරනායක, සෝමවීර ගමගේ, ගයාන් වික්‍රමතිලක, මධුමාදව අරවින්ද, නිමල් ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සරණපාල ජයසූරිය, නන්ද වික්‍රමගේ, ශානිකා බංඩාර

පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට
සංඝානන්ද හිමිපාණෝ

ආචාර්ය සෝමා එදිරිසිංහ

හඳුන්වා දෙන: ප්‍රසාදි සමරකෝන්, හේෂාන් මනුල

ගරු රඟපෑම්: අනූෂා දමයන්ති, චන්දන වික්‍රමසිංහ, ලූෂන් බුලත්සිංහල, හයිසින්ත් විජේරත්න

ළමා චරිත: නිර්මාන් අබේසේකර, තිසල් සංජය

නිෂ්පාදන කළමනාකරණය: හැරල්ඩ් කරණාතිලක, තිස්ස ලියනආරච්චි, පාලිත හේරත්

සජීවී ත්‍රීමානකරණය: නිලාන් කුරේ, හේමජිත්, ගයාන් ගුණසේකර, ෆිරොස් ෆාරුක්, රවීන් වෙත්තසිංහ

ගිණුම්කරණය: එන්. කේ. ජයවර්ධන, හිරණ්‍යා අක්වත්ත, අනුර කුලසේකර, අසංක කටුවාවල, ලෙනාඩ්

පසුතල සැලසුම් සහ ඉදිකිරීම්: වෙලේගෙදර රණසිංහ

පසුතල නිර්මාණ අලංකරණය: සුනිල් විජේරත්න

කලා අධ්‍යක්ෂණය: සුනෙත් නන්දලාල්

අංග රචනය: ප්‍රියන්ත ඊශ්වර

කේබල් සටන් අධ්‍යක්ෂණය: ටෙඩී විද්‍යාලංකාර

සටන් අධ්‍යක්ෂණය: සඳුන් ප්‍රනාන්දු, සුමුදු ප්‍රනාන්දු

ඇඳුම් සහ ආභරණ නිර්මාණය: කුමාර කරව්දෙනිය

නැටුම් අධ්‍යක්ෂණය: චන්දන වික්‍රමසිංහ

ගීත රචනය: පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි

ගීත ගායනා: නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි, ඉෂාක් බෙග්, ශානිකා මධුමාලි, ගයනි මධූෂා, මාධනී ජයසේන

අතිරේක කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය: චන්දන ජයසිංහ

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය: කේ. ඩී. දයානන්ද

ශබ්ද පරිපාලනය: අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංස්කරණය: අජිත් රාමනායක

සංස්කරණ අධීක්ෂණය: රවීන්ද්‍ර ගුරුගේ

සහාය අධ්‍යක්ෂණය: ප්‍රසන්න ඉත්තෑපාන

සංගීත අධ්‍යක්ෂණය: රංග දසනායක

විධායක නිෂ්පාදනය: නිහාල් සංජය

ප්‍රධාන කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය: සුමින්ද වීරසිංහ

නිෂ්පාදන කෘත්‍යාධිකාරි: දීපා එදිරිසිංහ

නිෂ්පාදනය: පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමිපාණෝ, ආචාර්ය සෝමා එදිරිසිංහ

කතාව, දෙබස්, තිර රචනය සසහ අධ්‍යක්ෂණය - සනත් අබේසේකර