වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මනමාලයි කුරුල්ලෝ මුහුරත් උළෙල දා

මනමාලයි කුරුල්ලෝ මුහුරත් උළෙල දා

රක්තා, මැණික් මාලිගා, සාරංගා, හරියන කොට ඔහොම තමයි යන චිත්‍රපට නිර්මාණය කළ ගාමිණී හේවාවිතාරණ දිගු කලකට පසු නිර්මාණය කරන නවතම චිත්‍රපටය වන මනමාලයි කුරුල්ලෝ හි මුහුරත් උළෙල ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ.

ඩග්ලස් රණසිංහ, රොඩ්නි වර්ණකුල, ශිරානි නුගේරා, විශාකා සිරිවර්ධන, චින්තක පීරිස්, චංචලා වර්ණසූරිය, පූජා පතිරණ, විරාජ් ජයසිරි, මංගල මඩුගල්ල, අජන්තා ප්‍රනාන්දු, සංජුල දිවාරත්න, ආනන්ද විතාන, නිහාල් ප්‍රේමචන්ද්‍ර, රෙනොල්ඩා හෙලන්, නිලංගනී පෙරේරා, දයානන්ද සමරසිංහ, චානක ප්‍රනාන්දු මෙහි චරිත මවති.

ගාමිණී හේවාවිතාරණගේ කතා සංකල්පයට තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න දෙබස් රචනා කොට ඇත. සුජිත් නිශාන්ත කැමරාව මෙහෙයවයි. සම්පත් රණසිංහගේ අංග රචනයකි. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. කීර්ති රත්නායක නිෂ්පාදන සම්බන්ධිකාරක සහ සහාය අධ්‍යක්ෂවරයාය. සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සංකල්ප ගුණවර්ධන සංස්කරණයෙන් ද, බන්දුල ජයසිංහ, සුනිල් විමලවීර, රොඩ්නි විදානපතිරණ සමඟ ගාමිණී සී. ප්‍රනාන්දු ගීත රචනයෙන් ද රංජිත් ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වේ.

මනමාලයි කුරුල්ලෝ පූජා පතිරණ, රන්ජිත් ලියනගේ සහ ගාමිණී හේවාවිතාරණ නිෂ්පාදනය කොට ඇත.