වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ ගීතය පුතාගේ හඬින්

තාත්තාගේ ගීතය පුතාගේ හඬින්

රංග නදීකා යන්න ගියා මාදා
ආයෙ නදිකා එන්න එපා මා හා

ධනපාල උඩවත්ත ගයන මේ ගීතය ලොකු කුඩා කොයි කා අතරෙත් හරිම ජනප්‍රියයි. ධනපාල විසින්ම පදරචනා කොට සංගීතවත් කළ එය ඔහු නොගයන ප්‍රසංග වේදිකාවක් නැතිතරම්. වේග රිද්මයේ ගීතයක්වූ රංග නදීකා ටිකක් වෙනස් කරලා කවුරුදෝ වෙනත් අයකු ගයනවා මේ දිනවල අපට ඇසෙනවා.

ඒ සඳහා සංගීත භාණ්ඩ වශයෙන් භාවිත කොට ඇත්තේ බොක්ස් ගිටාරය පමණයි. ඒ ගැයුම කාගෙද කියලා අපි පොඩ්ඩක් හොයලා බැලුවා.

රංගනදීකා ස්ලෝ කරලා හඬමුසුකරලා තියෙන්නෙ ධනපාලගෙම පුතා. ඔහු එම ගිතය තාත්තගෙන් ඉල්ලලා ගයනවා පමණක් නොව ඒකට වීඩියෝවක්ද නිර්මාණය කරන්නත් සූදානමින්. ළඟදීම රූපයට නැඟුණ රංග නදීකා ඔබටත් දක්නට, අසන්නට ලැබේවි.