වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සදා කාලික නැන්දා - ලේළි ගැටුමේ බච්චන්  පවුලේ කතාව

සදා කාලික නැන්දා - ලේළි ගැටුමේ බච්චන්  පවුලේ කතාව

මව, බිරිය ද්වන්ධ සටනක යෙදී සිටියදී අසරණ වන්නේ සැමියායි. සිනමාපටයක හුරු පුරුදු සැමියාගේ චරිතය අලුතින්ම රඟන්නේ අභිෂේක් බච්චන්ය. බච්චන් පවුලේ ආරාවුල බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු ආරංචියක් නෙවෙයි. පසුගිය දා අම්බානි ගේ නිවෙසේ පැවැති සාදයේ දී අභිෂේක් සහ අයිශ්වර්යා රායි දබර වීමත් සමඟ කටකතාව වඩාත් ශක්තිමත් වී තිබේ. දබරයට හේතුවී තිබෙන්නේත් අයිශ්වර්යා තම මව ජයා බච්චන්ට සලකන ආකාරය පිළිබඳ හටගත් ගැටලුවකි.

අහානා ඩියොල් ගේ විවාහයේ දීත් නැන්දණියගෙන් දුරස් වී සිටීමට ඈෂ් උත්සාහකර තිබේ. අම්බානිගේ සාදයේ දී දෙදෙනා මුහුණට මුහුණ පවා බලා නැත. ඈෂ්, අභිෂේක් සමඟම කාලය ගතකර තිබේ. ජයා, අමිතාබ් අසලින්ම සිටියාය.

සැමියාගෙනුත්, මාමණ්ඩියගෙනුත් පෞදිගලික ජීවිතයටත්, වෘත්තීය ජීවිතයටත් කරදරයක් නැතත් ජයා ඇයගේ ජීවිතයට පමණට වඩා ඇඟිලි ගැසීම මේ නොහොඳ නෝක්කාඩුවට හේතුවී තිබේ.