වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඩුබායි ගිහින්

ඩුබායි ගිහින්

ගායන ශිල්පී පුන්සිරි සොයිසා

සංගීත ප්‍රසංග කටයුතු සමඟ සිටින නිසා කාලය ගතවෙනවා නොදැනෙන තරම්. මේ දවස්වල දිගින් දිගටම මම සංගීත ප්‍රසංගවල ගීත ගයනවා. පසුගිය දිනවල ඩුබායි යන්න ලැබුණා ‘සනිධප’ත් සමඟ. ඒ සංගීත ප්‍රසංගයක් සඳහායි. ඒ රටේ දී මා සමඟ ගිය පිරිසට ලැබුණු ප්‍රතිචාර නිසා මගේ සිතේ තිබෙන්නේ කිව නොහැකි සතුටක්.