වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිතුංගට සහායකයන් ඕනෑ

සිරිතුංගට සහායකයන් ඕනෑ

‘කන්‍යාවි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය වන ‘හද රැඳි ගී’ සංගීතමය වැඩසටහනෙහි අධ්‍යක්ෂ බී. සිරිතුංග පෙරේරා නවකයන් රැසකට අතදීමට සැරැසෙයි.

‘හද රැඳී ගී’ වැඩසටහනෙහි රූප රචනා සඳහා පෙනී සිටින්නට කැමැති තරුණ – තරුණියන්ටත්, ‘පුරවරණ’ වැඩසටහනෙහි නිෂ්පාදන අංශයේ විවිධ අංශවලට සම්බන්ධවීමට කැමැති තරුණයන්ට පුහුණු කරන ගමන් වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමටත්, ඉදිරියේ රූගත කිරීම සඳහා නියමිත ඔහුගේ චිත්‍රපටයක් සඳහා සහභාගිවීමටත් වයස අවුරුදු 17 ත් 30 ත් අතර තරුණයන්ට හා තරුණියන්ට අවස්ථාව හිමි වෙයි. ඔබගේ ඇති දක්ෂතා හා අධ්‍යාපන සුදුසුකම් සමඟ 0716237635 යන දුරකතනයෙන් සිරිතුංග පෙරේරා විමසන්න.